උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්

“අපේ දුව කැමැත්තෙන් කලාව තෝරා ගත්තොත් අපි උපරිම සහයෝගය දෙනවා” ඉෂාරා සහ අනුර පතිරණ

කාලයක් අපේ රටේ කලා ක්ෂේත්‍රය හැඩ කරන ලද මීට වසර කිහිපයකට පෙර විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණි කලාකරුවන් දෙපලක් වශයෙන් මෙන්ම

ආදරණීය සැමියා සහ බිරිඳ වශයෙන් අද වෙනවිට ආදරණීය පවුල් ජීවිතය ගත කරන මොවුන් දෙපළ නමින් අනුර පතිරණ සහ ඉෂාරා සඳමිණී වේ.

මොවුන් දෙපළ ම ප්‍රේක්ෂක අපි මෙරට රංගන ක්ෂේත්‍රය තුළ දැකගත කාටත් හුරු කලාකරුවන් දෙපලක් වන අතර ඔවුන් දෙපළ ඉතාමත් ආදරණීය චරිත දෙපලක් ද වනවා.

කලා ජීවිතයේ දී මෙන්ම සැබෑ ජීවිතයේදී අඹුසැමියන් වශයෙන් ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ මේ වන විට පුංචි හුරතල් වයසේ දියණියකගේ ආදරණීය මව්පිය දෙපලක් වනවා.

දියණිය නිසා ටික කාලයක් කලාවෙන් ඈත් වී සිටියත් නැවත රසික රසිකාවන් අතරට පැමිණි මොවුන් දෙපල උදෑසන වැඩසටහනක් වශයෙන් සිරස නාලිකාවෙන් විකාශය වන ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන ඉදිරිපත් කරනු ලබනවා.

ඒ අනුව විවාහක යුවළක් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන පළවෙනි වතාව වශයෙන්ද මෙය පෙන්වා දෙන්නට පුළුවන්. රංගන ශිල්පීන් වශයෙන් මෙන්ම අද වන විට නිවේදන ශිල්පීන් දෙපලක් වශයෙන්ද ඔවුන් දෙපළ ඉතාමත් ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙනවා.

නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන අනුර පතිරණ එම නිතීඥ කටයුතු වලට අමතරව කලාවට ආදරය නිසා කලා කටයුතුවලටත් සහභාගි වන බව පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ තම අදහස් පළ කර තිබුණා.

ඉෂාරා පිළිබඳ කතා කළ විට ඇය දියණිය නිසා කලා කටයුතුවලින් තරමක් ඈත් වී සිටියත් මේ වන විට දියණියට වයස අවුරුදු හතරක් පමණ වන නිසා නැවත කලා කටයුතුවලට සම්බන්ධ වීමට ඇය අදහස් කරගෙන සිටිනවා.

වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක් වන ඇය රංගන ශිල්පිනියක් මෙතන ශිල්පිනියක් වශයෙන් කටයුතු සිදු කරනු ලැබූවත් ඇයගේ සුන්දරත්වය අඩුවක් නොමැති බව අදටත් දැක ගැනීමට හැකි වනවා.

ඊට අමතරව සුන්දරත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන අය මේ වන විට තමන්ගේම ව්‍යාපාරයක් ද පවත්වා ගෙන යනු ලබන අතර ඇය විසින් තරුෂිට ගැලපෙන ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොලට මේ වන විට හදුන්වා දී තිබෙනවා.

පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ කරුණු විමසන විට ඔවුන් දෙපලගේ දියණිය කලාවට සම්බන්ධ වේ ද යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඉෂාරා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

දියණිය තමන්ගේ කැමැත්තෙන්ම කලාව තෝරාගනු ලැබුවොත් ඔවුන් දෙපළ ම ඊට උපරිම සහයෝගය දෙන බවත් තවමත් පුංචි වයසේ සිටියත්

ඇයට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ඇති අතර මේ නිසා ඇට කැලෑ හැකියාව උපතින්ම පිහිටා ඇති බවත් ඇය අනාගතයේදී කලා ක්ෂේත්‍රය තෝරා ගනීවිද නැද්ද යන්න තවමත් කිව නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button