“රටටම වටිනා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන සෞන්දර්ය උපාධිධාරිනිය” හර්ෂණි වික්රමසිංහ

කෘෂිකර්මාන්තය කියන්නේ අනාදිමත් කාලයක සිට අපේ රටේ පැවතගෙන එන පාරම්පාරික කර්මාන්තයක් වන අතර අපේ රටේ බොහෝ පිරිසක් තමන්ගේ ප්‍රධාන වෘත්තිය වශයෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන අතර,
බොහෝ පිරිසක් තම ආර්ථිකය මේ ඔස්සේ ගොඩනගාගෙන තිබෙනවා.
කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් කතා කරන විට කෘෂිකාර්මික බෝග සඳහා පොහොර අනිවාර්යෙන්ම අවශ්‍ය වන අතර පසුගිය කාලයේ පොහොර සම්බන්ධයෙන් විවිධ ගැටළු ගණනාවක් සිදු වූ අතර
මේ නිසා බොහෝ දෙනා කාබනික පොහොර වෙත යොමු වෙන්නට වුණා.
බෝග වගාවටත් මිනිසාටත් හිතකරවේ කාබනික පොහොර එදා සිට සිට අද දක්වා අපේ ගොවි මහතුන් විසින් බෝග වලට යොදන අතර,
මේ නිසා අස්වැන්න වැඩි කර ගැනීමට ද බොහෝ ගොවි මහතුන් අද වනවිට සමත්වී තිබෙනවා.
කාබනික පොහොර ගැටලුව අදටත් පවතින අතර රට පුරා පැවැති මේ පොහොර ගැටළුවට විසඳුමක් වශයෙන් අපේ රටේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් විසින් එම කාබනික පොහොර ගැටළුවට විසඳුමක් ලෙස ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුත් කාබනික දියර පොහොරක් නිෂ්පාදනය කරන්නට සමත් වී තිබෙනවා.
ඇය නමින් හර්ෂණි වික්‍රමසිංහ වේ. කැලණි විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය උපාධිධාරිනියක් වන හර්ෂණි අපේ රටේ ඇති වූ පොහොර අර්බුදයට විසඳුමක් වශයෙන් ඇය විසින් අත්හදා බැලීම් කිහිපයක් සිදුකරන ලද අතර එහි සාර්ථකත්වයක් වශයෙන් ඇය විසින් මෙම කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීමට සමත් වනවා.
ඇය විසින් මේ ආකාරයෙන් නිපදවන ලද කාබනික දියර පොහොර එළවළු වගාවට, පලතුරු වගාවට, මල් වගාවට, ගොවිතැනට මෙන්ම තේ වගාවට ද යෙදීමේ හැකියාව තිබෙනවා.
ඇය විසින් මේ ආකාරයෙන් නිපදවන ලද කාබනික දියර පොහොර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

උපුටා ගැනීම
“අපේ ගෙදර ඉස්සර ඉඳලම ගෙවතු වගාව කළා. කොවි ඩ් නිසා, පොහොර අර්බුදය නිසා මේ වගාවන්ට ගැටලුවක් ඇති වුණා. මේ පිළිබඳ අවධානය යොමු කළ මම ගෙවත්තෙ ඉදි කර තිබුණු ජීව වායු ටැංකි දෙක ප්රයෝජනයට ගෙන මූලික අත්හදා බැලීම් කළා.
මාළු නිස්සාරණ, ගොම දියර, පිදුරු, වල් සූරිකාන්ත, ගිරිසිඩියා සහ ගැඩවිල් පණු විශේෂ මේ සඳහා යොදා ගත්තා. කිසිදු දුගඳක් නැහැ. විසක් නැහැ. ඉතා සාර්ථක ප්රතිඵල තියෙනවා.
මේ වන විට ඕනෑම ප්රමාණයක ඉල්ලුමක් සඳහා නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. දැනට මා නිපදවා තිබෙන කාබනික දියර පොහොරවලට කිසිදු රසායනික ද්රව්යයක් යොදල නැහැ.
උපුටා ගැනීම අවසන්
උපාධිදාරිනියක් වශයෙන් ඇය උසස් තැනක සිටියත් මුල අමතක නොකර දෙමාපියන්ට ශක්තියක් වීමට හැකි වු ඇය අද වන විට ඔවුන්ය පමණක් නොව
අපේ රටට වැඩදායි ඉතාමත් වටිනා නිස්පාදනයක් මේ වන විට හදුන්වා දී අවසන්. ඇයගේ මේ වටිනා කාර්යය අපි හදවතින්ම අගය කළ යුතු වනවා.








