“මගේ බිරිඳ මුලින් සිනමා කර්මාන්තයට එනවට අකමැති වුනා” සිනමා ඉතිහාසයේ දක්ෂ නිර්මාණකරු බෙනට්

ඔහුව නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට අපේ රටේ කාගෙත් ජනාදරයට පාත්‍ර වූ ඔහු සිනමාපට අධ්‍යක්ෂණයෙන් මුළු රටක් දන්න කියන අපූරු සුවිශේෂි චරිතයක වන අතර ඔහු නමින් බෙනට් රත්නායක යි.
බෙනට්ගේ හැම සිනමා නිර්මණයක්ම වාගේ ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැළඳ ගන්නවා. “මම කිසි දිනක විකුණන්නට පුලුවන් වුණු චිත්‍රපට නිර්මාණය කරන්නෙක් නෙමෙයි.
අර්ථවත් නිර්මාණයන් මා විසින් බිහි කරන්නයි මා නිතරම සිතන්නේ. කාලෙන් කාලෙට මගේ සිනමාපටයන් ප්‍රේක්ෂකයන් විසින් බලාපොරොත්තු වෙනවා” කියලයි බෙනට් නම් කියන්නේ.
පාසල් කාලේ වේදිකාවේ රඟපෑ චරිතයක් තමයි බෙනට් කියලා කියන්නේ. ඉතින් බෙනට් රත්නායක කියලා කියන්නේ ඔහුගේ තරුණ කාලේ චිත්‍රපට පිස්සෙක් කිවුවොත් නිවැරදියි.
ඒ තරමට චිත්‍රපට නරඹන්නට ඇබ්බැහි වෙලා තියනවා ඔහු තරුණ කාලේ. ඒ වුණත් උසස් පෙළ දී වෛද්‍යවරයෙක් වෙන්න තමයි බෙනට්ගේ ආසාව වෙලා තියෙන්නේ.
ඒ මොකද දන්නවාද ඔහුගේ දෙමාපියන්ගේ එකම ආසාව වූයේ බෙනට් වෛද්‍යවරයෙකු වෙනවා දකින්නට යි. ඒ කොහොම නමුත් බෙනට්ගේ ඒ හීනය සැබෑ කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැති වුවද අද වෙද්දී සිනමාවේ දැවැන්තයෙකු වන්නට තරම් ඔහු වාසනාවන්ත වී තිබෙනවා.
බෙනට් කියලා කියන්නේ තවමත් තරුණ විදියට ඉන්න අපූරු චරිතයක වනවා. ඉතින් මෙන්න මේ වගේ අපූරු කථාවක් තමයි බෙනට් කියන්නේ නම්.
“මගේ බො’ රු සෝබන නෑ. මං පොළවේ පය ගහලා ජීවත් වුණු කෙනෙක්. මං සතියකට දවස් 5ක් කිලෝ මීටර් 5ක් විතර ඇවිදිනවා. මොකද ශරීර සෞඛ්‍යයට ව්‍යායාම කියන දේ බලපානවනේ.
ඒ වගේම මං දවසකට වතුර ලීටර් 3ක් බොනවා. සීනි නම් අඩුවෙන් තමයි ගන්නේ. පෝෂ්‍යදායි එළවළු පළතුරුත් ආහාරයට එක්කර ගන්නට අමතක කරන්නෙත් නෑ” කියලා.
බෙනට්ගේ ආදරණීය බිරිඳ බෙනට් සිමනාවට එනවාට මුලින් නම් අකමැති වෙලා තියෙනවා. එත් කාලෙත් එක්ක බෙනට් ලැබෙන ගෞරවයත් එක්ක ඇය ඔහුව තේරුම් අරගන්නවා.
ඔන්න ඉතින් බෙනට්ගේ ලොකුම බලාපොරොත්තුව තමයි, ඔහුගේ ඊළඟ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන එක. ඉතින් ඒ වගේම තවත් බලාපොරොත්තුවක් තමයි, ඔහුගේ ජීවිතේ අත්දැකීම් එකතු කරමින් නවකථාවක් ලියලා ඔහුගේ රසිකයන් අතරට එය ගෙන යන එක.








