
ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ ලේසි පහසු කටයුත්තක් නම් නෙමෙයිනේ. මනා හික්මීමක් තියෙන්න ඕනෙ භාරදූර කර්තව්‍යක් තමයි ඒ. ඉතින් අද අපි කථා කරන්නට යන්නේ හරි අපූරුවට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඇය ගැන කථා කරන්නටයි.
ස්වර්ණවාහිනි ලයිව්@8 හි ප්‍රවෘත්ති නිවේදනයේ හරි අපූරු ලෙසින් යෙදෙන, සුවහසක් ආදරයට ගෞරවට පත් ඈ නමින් ෆාතිමා නස්රින් ය.
අපි කොයි කාගෙත් හිත් බැඳගත් ෆාතිමාගේ සුවිශේෂි දිනයක් පහුගිය දා හරි අපූරුවට වර්ණවත් වී තිබුණා. ඉතින් ඒ තමයි ඇගේ විවාහ උත්සවය.
ඔන්න ඉතින් ෆාතිමාගේ අත ගත් ඒ කඩවසම් තරුණයා ගැනත් නොදන්න කෙනෙක් නෑ නේ. ඉතින් ඒ තමයි ප්‍රවෘත්ති නිවේදනයේ අති දක්ෂයෙකු වෙන ෆාතිමා වගේම කොයි කාගෙත් හිත් දිනාගත්, ශ්‍රී ලාංකේය කඩවසම් තරුණයෙකු වන, මධුෂාන් ද සිල්වා කියලා කියන්නේ.
2019 වසරේ දෙසැම්බර් මස තමයි මේ ආදරණීය යුවල විවාහ දිවියට එළඹෙන්නේ. ඉතාමත් අලංකාර අන්දමින් තමයි මේ විවාහ උත්සවය පවත්වා තිබෙන්නේ.
ඉතින් ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මේ උත්සවයට සහභාගී වෙලා තියනවා. ඉතින් මේ වෙද්දී මේ අපූරු යුවල ඉතාමත්ම හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා.
ඉතින් ෆාතිමා ඇගේ ආදරණීය සැමියා මධුෂාන් ගැන මෙන්න මේ වගේ හරි අපූරු කථාවක් තමයි කියන්නේ. “මුල් කාලේ මධුෂාන් සහ මං හොඳ යාළුවෝ වගේ තමයි හිටියේ.
ඉතින් ඒ යාළුකම දන්නෙම නැතිව ආදරයකට පෙරලුනා. ඉතින් ඒ දැනට අවුරුදු දෙක හමාරකට විතර කිලිනුයි. අපි දෙන්නා සේවය කරන්නේ එකම ක්ෂේත්‍රයක නිසා ඒක මගේ හිතට ලොකුම සතුටක් ගෙන දෙන්නක්.
ඒ හින්දා අපිට අපි ගැන තේරුම් ගන්නත් ගොඩාක් පහසු වුණා. ඉතින් ඒ හින්දාම වෙන්න ඇති අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇති වෙනවානම් අඩුවෙන් ඇති වෙන්නේ.
අපේ ගෙවල් වලින් නම් අපේ ආදරේට ගොඩාක් බාධක ආවා. මුල් දවස්වල අපේ ගෙවල් දෙකෙන්ම අපේ ආදරේට කැමැත්ත ගන්න ගොඩාක් අපහසු වුණා.

මොකද අපි දෙන්නා ආගම් දෙකකනේ. ඒත් ඒ දේ අපි අපේ ආදරේට ප්‍රශ්නයක් කර ගත්තේ නෑ” කියලයි. ඔන්න ඉතින් ෆාතිමා එහෙම කියන අතරේ මධුෂාන් ෆාතිමා ගැන මෙන්න මේ වගේ හරි අපූරු කථාවක් තමයි කියන්නේ.
“මගේ අදරණීය බිරිඳ ඒ කියන්නේ ෆාතිමාට බොරු ආටෝප නෑ. ඇය හරිම චාම් සරල චරිතයක්. ඈ ගැන මා කෙරෙහි තියෙන්නේ ලොකූ විශ්වාසයක් ලොකූ බැඳීමක්.
ඉතින් ඒ විශ්වාසය ඇය කවමදාවකවත්ම කඩ කරලා නෑ. මං ඇගේ මේ හැම ගති ගුණයකටම ආදරෙ කරනවා. කොහොම නමුත් අපි විවාහ වෙද්දි අපිට පොඩි පොඩි ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්නට වුණා.
මොකද අපේ ගෙවල් දෙකෙන්ම අපේ ආදරේට කැමැත්ත ගන්න ගොඩාක් ආමරු වුණා. දැන් අපි බැඳලා හරිම සතුටින් තමයි ඉන්නේ. අපි දෙන්නාම එකට පන්සල් යනවා. පල්ලිත් යනවා. අපි දෙන්නා හරිම සතුටින් ආදරණීයව තමයි කාලේ ගත කරන්නේ”, කියලා.








