අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායා

විවිධ ටෙලි නාට්‍යයන්හි මේ දවස්වල දකින්නට ලැබෙන ඇය පුංචි තිරයට අලුත් චරිතයක් වනවා. ඉතින් ඇය තමයි යොවුන් පරපුරේ නවක රංගන ශිල්පිනියක වන ෂෙනායා ඇනිසා කියලා කියන්නේ.

“හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යය ඔස්සේ කාගෙත් ජනප්‍රියත්වය හිමිකරගත් ෂෙනායා මෙන්ම මේ විදියටයි ඇය ගැන කියන්නේ. “මම ඉගෙන ගත්න හරි ආසයි. ඉතින් මම විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.

ඉතින් එහෙම ඉද්දී මට ටෙලි නාට්‍යයන්ට ඇරයුම් ලැබෙනවා. ඒ වුණත් කලාවත් එක්ක මම සමීප වෙන්නේ මෙට වයස අවුරුදු 17 ක් පමණ වෙද්දී. මගේ පාසලේ නර්ථනාචාර්යවරියට පින් සිද්ද වෙන්න තමයි මං අද මේ වගේ තැනක ඉන්නේ.

මාව මුලින්ම වෙළඳ දැන්වීමක රඟපාන්න යොමු කරෙත් එතුමියයි. ඉතින් ඊට පස්සේ මට ටෙලි නාට්‍යයන් වල රඟපාන්නත් අවස්ථාව ලැබුණා” කියලත් ය.

ඔන්න ඉතින් ෂෙනායා යි ඇගේ මවයි කියන්නේ හරිම සමීප චරිතයන් වනවා. ඉතින් ෂෙනායා ඇගේ ජීවිතේ හැමදේම වාගේ ඇගේ මවට තමයි පවසන්නේ. ඉතින් ෂෙනායා කියනවා මෙන්න මේ වගේ හරි අපූරු දෙයක්.

“මට මොකක් හරි අහන්න තියනවා නම් මම මගේ අම්මාගෙන් කෙලින්ම අහනවා. අමුත්තන් ඉදිරියේ එකපාරටම කථා කරන චරිතයකුත් නෙවෙයි මං. ඒ වගේම මං දඟකාර චරිතයකුත් නෙවෙයි ඉතින්. කෙනෙක් මාත් එක්කන් මිත්‍ර වුණොත් විතරයි මං කථාවට යන්නෙ වුණත්.

ඔන්න ඉතින් මගෙත් එක්ක මිත්‍ර වුණාට පස්සේ නම් මගේ කියවිල්ලේ නම් අඩුවක් නෑ ඉතින්. ඒ වගේම මං ගොඩක්ම ඇසුරු කරන්න එහෙම කැමති මගේ සම වයස් මට්ටමේ කට්ටිය තමයි.

ඉතින් ඕන කෙනෙක් එක්ක මං ගානට ඉන්නවා. වෙලාවකට යාළුවෝ එක්කන් පිස්සු වැඩත් කරනවා ඉතින්” ෂෙනායා කියන්නේ ෆෝන් එක භාවිතා කරන්නේ නැති චරිතයක්.

සෝෂල් මීඩියා වලට අකමැති ෂෙනායා සමාජ මාධ්‍යය වල නම් දකින්නට ලැබෙන්නේ නැති චරිතයක් ද වනවා. කොටින්ම කිව්වොත් ෂෙනායාට එෆ්බී එකක් වත් නෑ.

ෂෙනායා කියලා කියන්නේ, ඉක්මනටම සංවේදීත්වට පත්වන මෙන්ම කවුරුන් හෝ බැන්නොත් ඉක්මනින්ම දුකට පත්වෙන චරිතයක් ද වනවා. කේන්තියක් ආවොතින් පිටට පෙන්නන්නේ නැති තනිවම විද දරා ගන්නා මෙන්ම සතුටින් ජීවිතේ ගෙවන්නට කැමති චරිතයක් ද වනවා.

ෂෙනායාට තරහ ගියොතින් එහෙම ඇය මොකද කරන්නේ දන්නවාද?. එතකොට ඉතින් ෂෙනායා කරන්නේ ඇගේ කාමරේට ගිහින් තරහ නිවෙනකම්ම දොර වහගෙන ඉන්න එකලු. ඉතින් ඇය ඒ වෙලාවට ඇයත් එක්ක කවුරුත්ම කථා කරනවාට කැමති නෑ ලු.

ඔන්න ඉතින් ඒ වෙලාවට ෂෙනායා කාමරේට වෙලා එක්කෝ පොතක් කියනවාලු. එහෙමත් නැත්නම් කාමරේ අස් කරනවාලු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button