තවමත් මානාලියක් සොයන ලොව ධනවත්ම කඩවසම් තනිකඩ කුමාරයා

අපි මේ කතා කරනන්නට යන රාජකීට කුමාරයා පිළිබද ඔබ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක ඇත. නමින් අබ්දුල් මටීන් වන මේ කුමරා පිළිබද කතා කරන විට මොහු සුවිශේෂි චරිතයක් බවට පත් වන්නේ සැළකෙන්නේ ලොව ධනවත්ම අවිවාහක තනිකඩයා ලෙසයි.
පසුගිය අගොස්තු මස 10 වන දින 30 වන වියට පා තැබු මොහු කඩවසම් තරුණ කුමාරයෙකු වනවා. මොහුගේ පවුලේ විස්තර ග්පිළිබද කතා කරන විට මොහු බෲනායි හි සුල්තාන් හස්නාල් බොල්කියාගේ දරුවන් 12 දෙනාගෙන් 10 වැනි පුත්රයා වේ.
ලොව ධනවත්ම තනිකඩයා වන මටීන් කුමරයා පදිංචිව සිටින්නේ බෲනායි කාමර 1877 කින් යුක්ත සුවිසාල රාජකීය මන්දිරයේ වේ. එම මන්දිරය කොතරම් සුවිශේෂි මන්දරයක්ද කියනවා නම් එහි අලංකරණ කටයුතු සිදු කොට ඇත්තේ රන් සහ රිදී ආලේප කොට මැණික් ගල් අල්ලා වේ.
මොහු ධනවත් කුමරෙකු බව සදහන් කරන විට ඔහු සතු ධනය කොරම්ද යන්න බොහො දෙනා තුළ ඇති බව කුතුහතයකි. මේ අබ්දුල් මටීන් කුමරා සතුව ලෝකයේ ඇති සුපිරි වර්ගයේ වාහන ගණනාවක් දක්නට හැකි වේ.

එම වාහන අතර මර්සිඩීස් බෙන්ස් 50 ක්, ෆෙරාරි 66 ක්, බෙන්ට්ලි 20 ක්, බී.එම්.ඩබ්ලිව්. 20, ජගුවර් 17 ක්, පෝෂේ 15 ක්, ලැම්බෝගිනි 3 ක් ආදි වශයෙන් වාහන විශාල ප්රමාණයකට එම කුමරා හිමිකම් කියයි.
මෙම සුපිරි වර්ලගයේ වාහන වලට අමතරව රන් ආලේපිත ගුවන් යානායක් ඔහුට හිමි වි ඇති අතර එම ගුවන් යානයේ ඇතුළත රන් ආලේප කොට මැණික් සහ දියමන්තිවලින් අලංකාර කර තිබිම දැක ගත හැකි වේ.
අබ්දුල් මටීන් කුමරයා හට රජ පවුලේ විවාහ සිදුවන නීතිමය වයස් සීමාවට එළැඹ ඇති අතර ඔහුට මනාලියක් සේවීම මේ වන විට සිදු කරනු ලබයි.
ඔහුගේ මානාලිය වීමට සුදුසු තරුණිය සතුව ඔහු බලාපොරොත්තු වන කරුණු කිහිපයක් පවති ඒ අනුව ඇය ත්රාසජනක ක්රියා ප්රියකරන, සතුන්ට ආදරය කරන සහ ඔහුත් සමග ලොව පුරා සංචාරය කිරීමට කැමැති අයෙකු විය යුතුයි. තවමත් තනිකඩ ලෝකයේම ධනවත් කඩවසම් කුමාරයාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.








