
අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම සිනමා නිර්මාණයන් ගෙන් ද දස්කම් පෙන්වූ අති දක්ෂ ,ජනප්‍රිය, සුරූපී, කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ.
ටෙළි නිර්මාණයන් හා සිනමා නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් මගින් ද දක්නට ලැබෙන ඇය සුරූපී, හුරුබුහුටි රුවකට උරුමකම් කියන ,
නිතරම සිනාමුසු මුහුණින් සැමට එකලෙස සංග්‍රහ කරන, සුන්දර හදවතක් හිමි රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදි.
සමාජ මාධ්‍ය ජාලා තුළින් නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වෙන ඇය කියා සිටියේ කලා ක්ෂේත්‍රය ඇගේ හොඳම තෝරා ගැනීම බවත්,
කලාවත් සමඟ ඇය සතුටින් කාලය ගත කරන බව හා කලාව නිවැරැදිව කරන ඕනෑම කෙනෙකුට දියුණුවීමට නිවැරදි මාර්ගයක් බවයි. ඒ වගේම මේ වන විට සුන්දර යුග දිවියක් ගත කරන සචිනි ඇය මෙන්ම ලස්සන දියණියකගේ මවක් ද වනවා.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ ඇය පිළිබඳව වඩාත් කතාබහට ලක් වුණේ ඇය තම ආදරණීය දියණියගේ ජන්ම දිනයට ඉතා සුන්දර සාදයක් පවත්වා එහි ඡායාරූපයන් සමාජ මාධ්‍ය ජාලා හා එක් කර තිබීමත් සමගයි.
ඉතින් සචිනි තම දියණිය පිළිබඳව කියා සිටියේ ඇය ඉතා දක්ෂ දරුවකු බවත්, Rubik’s Cube විසඳීමට ඇය විශේෂ දක්ෂතාවක් දක්වන බව හා ඇයගේ මව වීමට ලැබීම ගැන සිටින ඉතා ආඩම්බර වන බවයි.
ඉතින් මේ සුරතල් දියණියගේ උපන් දිනයට ඇයට සුබ පැතුම් එක් කරන ගමන් එදින ලබාගත් සුන්දර ඡායාරූපයන් එකතුවක් ඔබ වෙත රැගෙන එන්නේ අප සිතුවා.








