“අපිට ගත කරන්න ලැබුණේ ඉතාමත් සීමිත කාලයක්. අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුනේ නැ” පියුමාලි තිළිණිකා

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වශයෙන් කටයුතු කරන ඇය අද වන විට රංගන ක්ෂේත්‍රය තුළ මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ ද දැක ගැනීමට හැකි සුන්දර තරුණියක් වනවා. අහඹු අවස්ථාවකින් කලාවට පිවිසීමට අවස්ථාව උදා කර ගන්නා ඇය නමින් පියුමාලි තිළිණික වේ.
2018 වසරේ දුවිලි අහස ටෙලි නාට්‍ය ඔස්සේ පළමුවෙන් රංගනයට පිවිසෙන ඇයට එම ටෙලි නාට්‍ය තුළ දැක්වූ රංගන දක්ෂතාවය නිසාම ඇයට කලා නිර්මාණ ගණනාවකට ආරාධනා ලැබෙනවා.
ඒ අනුව බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වන විවිධ රූපවාහිනී නාලිකාවල විකාශය වන අග්නි පියාපත්, හදවතේ කතාව, රේස්, දෙවැනි ඉනිම වැනි ගේ නාට්‍ය ගණනාවක් මේ වන විට ඇයගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි වනවා.
වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය තමන්ගේ රැකියා අවට මොහු තැන දෙමින් රංගන ගමන ඉතාමත් සෙමින් යන ගමනක් බව ඇය තම අදහස් දැක්වීමක දී ප්‍රකාශ කර තිබුණා.
අද වන විට කලාවට පිවිසි දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇයගෙන් ජීවිතේ පසුතැවෙන අවස්ථාවන් පිළිබඳ මතක් කරන ලෙස සඳහන් කරන අවස්ථාවේදී අවස්ථාවේ දී ඇති තාමත් අවස්ථාවේ දී ඈත් ඉතාමත් සංවේදී වෙමින් ප්‍රකාශ කර සිටියේ,

“ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි තියෙන ලොකුම දුකක් දැනෙන එකම දේ තමා අම්මා නැති වෙන එක. එයා රැකියාව එක්ක කාර්යබහුල වෙලා හිටියා ඊට පස්සේ මම රැකියාවට ආවා.
අම්මා රැකියාවෙන් අස් වෙනවාත් එක්කම තමයි අම්මා නැති උනේ. අපිට ගත කරන්න ලැබුණේ ඉතාමත් සීමිත කාලයක්. මට අම්මා වෙනුවෙන් දේවල් කරන්න හම්බුනේ නැහැ මගේ රැකියාවේ මුල් පඩිය ගන්නත් කලින් අම්මා නැති වුණා.”
රංගනයට තවමත් අලුත් රංගනය තුලින් දිගු ගමනක් යා හැකි පියුමාලිට ඇයගේ වෘත්තියට අමතරව එම රජගන කටයුතු ද සාර්ථක ලෙස කරගෙන යාමට හැක වේවා යැයි ප්‍රේක්ෂක අපි ඇයට සුභ පැතුම් එක් කරමු.








