ඉතාලියේදි මරියා වු කොටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරය දිනා ගත් තුෂිනි

අපේ රටේ බිහිවූ තවත් ස්වරූපය රංගන ශිල්පිනියක් වශයෙන් තුෂිනි ප්‍රනාන්දු පෙන්වා දෙන්නට පුළුවන්. ඇය මෙරට ප්‍රේක්ෂකයාගේ වැඩි අවධානයකට යොමු වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ කෝටිපතියේ ටෙලිනාට්‍ය හරහා වේ.
ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ගේ.වෙනස්ම ආකාරයේ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට සමත් ලෝක ස්වභාවය නිසා බොහෝ තරුණයන් අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් බවට පත් වන්නට ඇයට හැකි වුණා.
ඉතාලියේ ජීවත් වන ඇය එහි රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර මෙරට මිතුරියකගේ ඇරයුමකට අනුව ඇයට රඟපෑම් කටයුතු සඳහා අවස්ථාවක් උදා වූ බව ඇය රංගනයට පිවිසීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දී කියා සිටියා.
තුෂිනි ඉතාලිය තුල සිටින ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයක් වන අතර ඇයට ඉතාලියේ දී බොහෝ දෙනා ඇයට කතා කරනු ලබන්නේ මරියා යන නමිනි.
ඇයට තවත් සුවිශේෂී ටෙලි නිර්මාණයක් සඳහා රංගනයෙන් ජාති වීමට අවස්ථාවක් උදා වී ඇති අතර ඉදිරියේදී විකාශය වීමට නියමිත “ක්‍රයිම් සීන්” ටෙලි නාට්‍යය තුළ වෙනස්ම ආකාරයේ රඟපෑමක් සිදු කිරීමට අවස්ථාවක් උදව් අතර වූ අතර,
එහිදී එහි දී ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ රඟපෑමට ලැබීම සම්බන්ධයෙනුත් ඇය සතුටින් ඒ පිළිබඳ මතක් කර සිටියා.

තවමත් අධ්‍යාපන කටයුතුවල වල නිරත වන ඇය තමන් විසින් බාරගත් වැඩ කටයුතු අවසන් කර නැවත උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරියට යෑමට කටයුතු කරන බවත්,
ඉතාලි භාෂාව හොඳින් ප්‍රගුණ කළ ඇය තමන් උගත් දේ තවත් පිරිසකට ප්‍රායෝගිකව ලබාදෙමින් ඉතාලියේ පල්ලියක ස්වෙච්ඡාවෙන් එම භාෂාව උගන්වන්නට සම්බන්ධ වුණු බවත් ඇය තම අදහස් දැක්වීමට දී කියා සිටියා.
ඉදිරියේදී සිදු කිරීමට නියමිත උසස් අධ්‍යාපන කටයුතු ඇය සම්බන්ධ වීමට නියමිත කලා නිර්මාණ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක මේවා යැයි අපි ඇයට සුභ පැතුම් එක් කරමු








