අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

සංගීත ලෝකයේ වාදනයෙන් පෙරළි කරන සරිත් සුරිත් 21 උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සිරස නාලිකාවේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද සුන්දර තරගාවලියක් වශයෙන් ” පොඩ්ඩන්ට පුළුවන් ” වැඩසටහන දැන් වදනට පුළුවන් මේ තරගාවලියට අපේ රටේ සිටින දක්ෂ දරුවන් ගණනාවක් සහභාගි වී සිටි අතර,

ඒ අතරින් අවසන් මහා තරගයට තේරුන එහෙයින් ජයග්‍රහණය කරන ලද ගිටාරයෙන් සහ ඩ්‍රම් එකෙන් තම දක්ෂතා පෙන්නුම් නිවුන් දරුවන් දෙපලක් වශයෙන් සරිත් සහ සුරිත් සහෝදරයන් දෙපළ මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ නොමද ආදරයට පාත්‍ර වූ දෙපළක් වනවා.

අද වන විට තරුණ වයසේ පසු වන සරිත් සහ සුරිත් නිවුන් සහෝදරයන් දෙපළ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා උන් දක්ෂ සංගීත ශිල්පීන් දෙපලක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්.

පුංචි වයසේදී ම සංගීතයට යොමු වූ මේ සහෝදරයන් දෙපළ ගිටාර් වාදනයට සහ ඩ්‍රම් වාදනයට දක්වන දක්ෂතාවය ඉතාමත් ඉහල මට්ටමේ පවතින අතර මේ දිනවල රූපවාහිනී නාලිකාවක ඔවුන් සංගීත වැඩසටහනක්ද පවත්වා ගෙන යනු ලබනවා.

ඔවුන් දෙදෙනාගේ වාදනයෙන් හැඩ වන මෙම සංගීත වැඩසටහනට මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන් ද සහභාගිවීම දක්නට හැකි අතරම මොවුන්ගේ වාදන දක්ෂතාවයට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අද වන විට ඔවුන් වටා සිටිනවා.

කුඩා වයසේදීම මෙරට බොහෝ පිරිසකගේ ආදරය දිනා ගත් ඔවුන් දෙපළ අද වන විට නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනකු වේ.

කෙසේ නමුත් පසු පසුගිය දිනක 21 වන උපන් දිනය සැමරූ සරිත් සහ සුරිත් ඔවුන්ගේ උපන්දිනය පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමග සමරන ට කටයුතු කර තිබූ අතර.

ඔවුන්ගේ එම සාදය ඡායාරූප සමාජ මාධ්‍යයට ද නිකුත් කර තිබුණා. සංගීත ලෝකයේ ඉදිරියට යමින් අලුත් අලුත් දේ සොයා ගෙන යාමටත් ඔවුන්ගේ හැකියාවන් තව තවත් දියුණු කර ගැනීමටත් හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමින්

ඔවුන් දෙපලට සුභ උපන්දිනයක් යැයිද ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button