අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

“මට මගේ රට වටිනවා. ඒ නිසා කිසිම හේතුවකට රට යන්නේ නැහැ.” නයනා කුමාරි

කාලෙන් කාලයට අලුත් වන අපේ කලා ක්ෂේත්‍රයේ තුළ එදා සිටම අද දක්වා ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුව දිනාගත් සුන්දර රංගන ශිල්පිනීන් අතර සිටින සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් නයනා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්.

ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව දිනාගැනීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි මේ රටේ සිනමාව තුළත් පුංචි ධුරය තුළත් කැපී පෙනෙන චරිතයක් බවට ඇය ලබාගත්  එම ජනප්‍රියත්වය අදටත් නොඅඩුව එලෙසම පවතිනවා.

රංගන ශිල්පිනියකට අමතරව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරන ඇයට විසින්ම පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍යගාරයක් පවතින අතර එය  Nayanart නම් වේ.

කාලයකට පසු පුංචි කිරීම් තුළ ඇයගේ රංගන ලෙස ගැනදැක ගැනීමට හැකි වන අතර මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වන සුන්දර ටෙලි නාට්‍යයක් වන දිවි තුරා ටෙලිනාට්‍ය විශාලක මව ලෙස චරිත නිරූපණය කරනු ලබන්නේ නයනා කුමාරි විසින් වේ.

ගිය වසරේ නිර්මාණයකට පසුව මේ වසරේ දිවිතුරා ටෙලිනාට්‍යයට සම්බන්ධ වන ඇය  එම නිර්මාණය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වීම නිසා  ඇත ලැබුණු චරිතය සතුටින් බාර ගත් බව තම අදහස් දැක්වීමක දී  මේ කියා සිටියා.

මේ දිනවල ඇය කාර්යබහුල දැයි විමසන විට කරුණු දක්වමින් ඇය කියා සිටියේ රංගන කටයුතුවලින් නොව රූපලාවන්‍ය කටයුතු නිසා ඇය මේ දිනවල කාර්ය බහුල වී ඇති බවයි.

වසර 18 ක් පමණ සිට  රූපලාවන්‍ය කටයුතු සිදුකිරීම නිසාත් තමන් සතු දක්ෂතාවය සහ පළපුරුද්ද නිසාත්,  රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ තවත් හැදෑරීම් සිදු කරන නිසා එම ක්ෂේත්‍රය තුළ ඉතාමත් කාර්යබහුල වී ඇති බව ඇය විසින් පවසා තිබුණා.

නයනා කුමාරි පිළිබඳ කතා කරන විට  ගයාත්‍රී ඩයස්  පිළිබඳවද මතකය අවදි කළ යුතුමයි . ඊට හේතුව වන්නේ ඔවුන් දෙපළ කාලයක් ඉතාමත් හොඳ මිතුරියන් සේ සිටි නිසයි.

ඔවුන් දෙපළගේ යාලුකම පිළිබඳව සහ මේ වන විට විවිධ මත පළ වන අතර ඒ පිළිබද අදහස් දක්වමින් නයනා කුමාරි මහත්මිය කියා සිටියේ මෙවන් අදහසකි.

උපුටා ගැනීම

අපි දෙන්නා තරහ වෙලා නැහැ. ඒ සම්බන්ධය සිමා වෙලා තියෙන්නේ, ඉස්සර වගේ පිස්සු නටන්න දැන් බැහැ. අපි දෙන්නටම වගකීම් වැඩියි, එයා එයාගේ වැඩකරගෙන පාඩුවේ ඉන්නවා. මම මගේ වැඩ එක්ක කාර්ය බහුලයි. කතා බහ කරන්නත් ලොකුවට වෙලාවක් නැහැ.”

උපුටා ගැනීම අවසන්

ඇයගේ යෙහෙළිය වන ගයත්‍රී ඩයස් මෙන් විදේස් ගත වනවාද යන්න පිළිබද විමසිමේදි කියා සිටියේ රට දමා යාමට තරම් තමන්ට ප්‍රශ්නයක් නැති බවත්, තමන් උපන් රට තමන්ට වටිනා බවත්ය.

කෙසේ නමුත් රංගන කටයුතු මෙන්ම ඇයගේ රුපලාවණ්‍ය කටයුතු ද සාර්ථක ලෙස සිදු කරගෙන යාමට ඇයට සුභ පැතුම් එක් කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button