අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්

කසාදයක් කරගන්න බය ගංගු කියූ වෙනස්ම කතාව

පුංචි තිරයේත් රිදී තිරයේත් නිරතම දකින්නට ලැබුණු ඇය කාලයක් රංගනයෙන් දකින්නට ලැබුණේ නම් නෑ. පාසල් කාලයේ ඉදන්ම රංගනය විෂයය කරගත් ඇය මේ වෙද්දී අලුත්ම චිත්‍රපටයක හරි අපූරුවට රංගනයෙන් දායක වන අතර, ඇය නමින් ගංගු රොෂානා වනවා.

මින් පෙර වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියකව සිටි ගංගු රොෂානා කියනවා, “මේ තියන තත්ත්වයත් එක්ක වෙන රැකියාවක් නම් හොයාගන්න වෙයි” වගේ කියලා.

ඔන්න ඉතින් ගංගු රොෂානාට ආදරණීය සහෝදරියන් දෙදෙනෙක් සිටින අතර, සහෝදරියන් දෙදෙනා නම් මේ වෙද්දී විවාහ දිවියට එළඹී සිටිනවා.

නමුත් ගංගු රොෂානා නම් තවමත් තනිකඩව තමයි ජීවිතේ ගත කරන්නේ. “විවාහවෙන්න හරි බයයි. මේ ගෙවන ජීවිතේ හරි සැහැල්ලුයි.

සහෝදරියන්ගේ විවාහ ජීවිත දිහා බැලුවම විවාහයට බය හිතෙනවා කියලත්, ජීවිතේ ගැන ලොකු ලොකු දේවල් කථා කරන්නට කැමති නෑ.

ඉදිරියටත් ජීවිතේ සතුටින් ගෙවනවා. තමන්ට පුලුවන් ප්‍රමාණෙට විතරක් හිතලා සෑහිමකට පත්වුණොතින් කාටවුනත් සතුටින් ඉන්න පුලුවන්නේ” කියලත්,

ගංගු රොෂානා කියන්නේ නම්. ඉතින් ගංගු රොෂානාගේ අන්තිමේටම තිරගත වුණු චිත්‍රපටය තමයි, “හොරා පොලිස්” කියල කියන්නේ. ඒ වාගේම ඇය මෑතකදී රංගනයෙන් දායක වුණු “නිම් හිම්” චිත්‍රපටයත් දැනට අවුරුදු 3ක් වෙනවාලු තිරගත කිරීම් අවසන් කරලා.

ඉතින් “මේ තියන කොවිඩ් එකත් එක්ක චිත්‍රපට තිරගත කරන්නට ප්‍රමාදයක් ඇති වෙලා තියනවා. ඉතින් රංගන ශිල්පිනියක විදියට ඒක හරිම අසාධාරණයක්.

ගැලපෙන හොඳ රංගනයක් සිදු කරලා අවුරුදු ගානක් බලන් ඉන්න ඕනේ තිරගත වෙනකම් කියලත්, ඉතින් තවත් වැඩක් කරගන්න තියන මේ කාලේ අපතේ යනවානේ” කියලත්, ගංගු රොෂානා කියනවා.

“නිම් හිම්” ෆිල්ම් එකේ ගංගු රොෂානා රංගනයෙන් දායක වෙන්නේ, “රධී”ගේ චරිතයට වන අතර, “රධී” කියන්නේ ගංගු රොෂානාගේ සැබෑ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ය.

ඉතින් බොහෝ දෙනෙක් කියන්නේ මේ ෆිල්ම් එක, හින්දි ෆිල්ම් එහෙක කොපියක් කියලා ලු. එත් ගංගු රොෂානා කියනවා, “කවුරු එසේ කීවත් ඒ කියන චිත්‍රපටයට වඩා ගොඩාක් වෙනස් කථා තේමාවක් ලු,

“නිම් හිම්” එකේ අන්තර්ගත වෙන්නේ කියලත්, පවුලේ හැමෝටම නරඹන්නට පුලුවන් හරිම ලස්සන චිත්‍රපටයක් තමයි, “නිම්හිම්” කියන්නේ” කියලත් ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button