අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්දේශිය පුවත්

“පහු පහු වෙනකොට ආදරේ තවත් වැඩි වෙනවා” මේනකා කියූ කතාව

කලාකරුවන්ට ප්රේක්ෂකයින් පිනවීමට හැකි වන්නේ ඔවුන් තුළම වූ අපූරු රංගන කෞෂල්යතාවයන් නිසාවෙනි. කොතරම් කලාකරුවන් වර්ථමානයේ දක්නට ලැබුණද ඒ හැම කෙනෙකුටම ප්රේක්ෂක හඳවතේ රැදෙන්නට නොහැකි වුවද,

හැමදාමත් ප්රේක්ෂක ආදරය ආකර්ෂනය දිනාගත් ප්රේක්ෂක සිත්ගත් ආදරණිය ජනප්රිය ප්රවීන කලා යුවළක් තමයි, “බිමල් ජයකොඩි සහ සුජානි මේනකා” කියලා කියෙන්නේ.

ඉතින් එදා මෙදා තුර කිසිම කෙනෙකුගෙන් කථාවක් අහන්නේ නැතිව හරිම ලස්සනට සුන්දරව තම ආදරණීය පවුල් ජීවිතේ ගෙනයෙන මේ අපූරු සොඳුරු කලා යුවළ, කලා ක්ෂේත්රයේ අන් අයට ආදර්ශමත් ආදරණීය චරිතයන් දෙපළක් වනවා.

ඉතින් “බිමල් සුජානි” දෙන්නාම නිතරම නම් කලා ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නේ නැති වුණත් ඔවුනේගේ අපූරු රංගනයන නිරතුරුවම අප හඳ තුළ රැදිලා තියනවා.

ඔන්න ඉතින් දැනට අවුරුදු 02ක් පමණ සුජානි මේනකා ආදරණීය කලාකාරිනිය, කලා කටයුතු වලට දායක වෙලා නම් නෑ. ඉතින් “මේ විදියට කාලයක් තිස්සේ රංගනයෙන් ඈත් වෙලා හිටියට, ඒ ගැන කිසිම පසුතැවිමක් හිතේ නෑ.

ආදරණීය ප්රේක්ෂකයින්ට තවමත් සුජානි මේනකා කියන රංගන ශිල්පිනියව මතකයි කියලා දැනෙද්දී ඒ ගැන හිතට පුදුමුකාර සතුටක් තමයි දැනෙන්නේ කියලත්, මීට කලින් රඟපාපු ටෙලි නාට්යයන් නැවත විකාශනය වෙනවානේ.

ඉතින් ඒ විදියට නැවත ප්රේක්ෂකයින්ට දකින්නට ලැබෙන නිසා සුජානි කියන චරිතය, ප්රේක්ෂකයිනට අමතක වෙන්නේ නෑ කියලා ඇය හිතනවා” කියලත්, සුජානි කියනවා.

ඉතින් මේ විදියට වසර කිහිපයක් කලාවෙන් ඈත් වෙලා හිටපු සුජානි මේනකා ආදරණිය රංගන ශිල්පිනිය, ආයෙමත් අලුත් කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා මේ දවස්වල ඒකේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.

ඉතින් සුජානි මේනකා ආදරණීය රංගන ශිල්පිනිය කියනවා, “කාලයක් ආව නිර්මාණ වල පිටපතවත් කියවන්නේ නැතිව ප්රතික්ෂේප කරා. පෞද්ගලික දේවලුයි තවත් දේවලුයි නිසා තමයි එහෙම කලේ.

ඉතින් පෞදිගලික ජීවිතේ හැම දේම ප්රසිද්ධ කරන්න නම් කැමති නෑ කියලත්, ඉතින් කාලයක් ඉදලා ඉදලා නැවත රංගනට ආවාම නැවුම් බවක් දැනෙනවා.

හරියට කලාවට අලුතෙන්ම ආවා වගේ හැගීමක් තමයි දැනෙන්නේ. දීර්ඟකාලීන නැති කොටස් අඩුවෙන් තියන නිර්මාණ ආවොත් ඒවාට රංගනයෙන් දායක වෙනවා කියලත් වගේම, ආදරණීය සැමියා බිමල් ජයකොඩිත් එක්ක තමයි ඒ හැමදෙයක් ගැනම කථා කරන්නේ.

දවසින් දවස ඔහුගේ ආදරය වැඩි වෙනවා. ඒක හොඳට දැනෙනවා. ඉතින් වචනයෙන් කියාගන්න බැරි පුදුමාකාර සතුටක් තමයි හිතට දැනෙන්නේ” කියලත් ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button