කලා තරුත් ටැටු විලාසිතා කරන්නට යන අපේ රටේ ඉන්නා දක්ෂ ටැටු ශිල්පියා ඇන්ටන් සුජී

බොහෝ දෙනෙක් ආසා කරන සුන්දර කලාවක් ලෙස ටැටූ කලාව හදුන්වන්නට පුළුවන්. තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකු මේ වන විට ටැටු එකක් තම ශරීරයේ ගසා ගන්නට වැඩි නැඹුරුතාවක් පෙනෙන්නට තිබෙනවා.
වර්ථමානයේ ටැටු කාලාව කොතරම් ප්‍රසිද්ධ ද කියනවා නම් අද වන විට ටැටු කලාව සිදු කරන විශිෂ්ඨ ගණයේ ටැටු ශිල්පින් ගණනාවක් දක්නට ලැබෙනවා.
එවැනි ටැටු ශිල්පියෙකු ලෙස ඇන්ටන් සුජී පෙන්වා දෙන්නට පුළුවන්. ඔහුගේ මේ ටැටු කලාව සිදු කරන වෙනම ආයතනයක්ද මීගමුවේ පිහිටා තිබෙනවා.
එම ආයතනය Swan Styles වේ. විදේශ රටවල් ගණනාවක ටැටු ශිල්පියෙකු ලෙස වසර ගණනාවක් කටුතු කරන ලද මොහු අද වන විට අපේ රටේ ඉන්නා සුවිශේෂි ටැටු ශිල්පියෙකු වනවා.
විවිධ හේතු නිසා මේ ටැටු කලාවට කැමැත්ත දැක්වුවත් ඒවා තම ශරිරයේ සටහන් කර ගන්නට බොහෝ දෙනා අකමැත්ත දක්වන්නේ ඉන් සිදු වනවා යැයි කියන විවිධ බලපෑම් නිසයි.
නමුත් ඒ සියල්ල බොරුවක් බව ඔප්පු කරන්නට හැකි සාක්ෂි ගණනාවක් ලෝකය පුරා දැක ගන්නට හැකි බව මොහු විසින් පවසා තිබෙනවා.

කාන්තාවන් හා පිරිමි යන දෙපාර්ශ්වයේම අද ටැටු විලාසිතා ඉතාමත් දැඩි ආසාවකින් යුුතුව සිදු කරන බවත්, ජ්‍යාමිතික රූප සම්බන්ධව කරන ටැටුවලට මේ දින වල වැඩි ඉල්ලුමක් ඇති බවත්, වයස අවුරුදු 20-40 අය අතර ටැටු සදහා ඉතාමත් දැඩි කැමැත්තක් ඇති බවත් ඔහු තම අදහස් දැක්විමකදි කියා සිටියා.
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්නා සුවිශේෂි තරු ගණනාවක් මේ වන විට ඔහුගෙන් ටැටු විලාසිතා සිදු කර ගෙන ඇති බවද ඔහු මතක් කර සිටියා.
ඒ අතර ෂේන් සිං, ජින්ජර්, ගයත්‍රී ඩයස් වැනි තවත් කලාකරුවන් බොහෝමයක් සිටින බව ඔහු කියා සිටියා. ඒ අතරින් ඔහු තම මතකය අවදි කරමින් රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් මහත්මිය ටැටු විලාසිතාවක් සිදු කර ගැනීම ගැන අදහස් දක්වමින් ඇන්ටන් සුජී කියා සිටියේ,
ගයාත්‍රි ඩයස්ව තමන්ව නොහඳුනන්න බවත්, අන්තර්ජාලය ඔස්සේ ටැටු එකක් කරමු යැයි ඔහුට ආරාධනා කල බවත්, ඒ අනුව ඇයගේ අතේ සමාන්‍ය ප්‍රමාණයේ ටැටු විලාසිතාවක් සිදු කර බවත්ය.








