අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්දේශිය පුවත්

“අප්පච්චි මම අම්මව හොඳම බලාගන්නම්. සුභ ගමන්” සම්පත් තෙන්නකෝන් මහතාගේ පුතු තැබු සංවේදී සටහන

අපේ කලා ලෝකය තම රංගනයෙන් වර්ණවත් කරන ලද ප්‍රවීණ රංගන ශිල්පියෙකු වශයෙන්  සම්පත් තෙන්නකෝන් මහතා හඳුන්වන්නට පුළුවන්.

මේ රටට වේදිකාව තුළ මෙන්ම ටෙලි නාට්‍ය තුළ  සුවිශේෂී රංගන ප්‍රතිභාවක් පෙන්වූ කලාකරුවෙකු වශයෙන් මොහුව හඳුන්වනවා. මෙරට රසික හදවත් ගණනාවකගේ ආදරයට පාත්‍ර වූ මේ සොඳුරු කලාකරුවා පසුගිය දිනක රඟ මඩලින් මෙන්ම ජිවිතයෙන් ද සමු ගන්නට සිදු වුණේ කාලයක් තිස්සේ  එතුමා පසු වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

මෙරට වේදිකා නාට්‍ය තුළ නොමැකෙන මතක මතක සටහන් ඉතිරි කරන ලද  මේ කලාකරුවා රඟ දැක්වූ වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50කට අධික වේ.

මෙතුමා ගැන මතක් කරන විට  ඔහුගේ ආදරණීය බිරිඳ පිළිබඳවත් මතක් කළ යුතුම වේ. ඊට හේතුව වන්නේ ඇය මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක් වීම නිසයි.

ඇය නමින් රත්නා ලාලනී ජයකොඩි මහත්මිය වේ. මෙම සුවිශේෂී කලාකරුවන් දෙපළගේ එකම පුතුනුවන් වන්නේ මංජිත තෙන්නකෝන් ය.

මංජිත තෙන්නකෝන් කඩවසම් යෞවනයා පිළිබඳ කතා කරන විට ඔහු තම දෙමාපියන් මෙන්ම කලාවට පිවිසි  නවක රංගන ශිල්පියෙකු වේ.

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සුන්දර ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරළට ආදරෙයි  ටෙලි නාට්‍යය තුළ ඔහුගේ රංගනයන් දැක ගැනීමට හැකි වනවා.

පියා මෙන්ම රංගන කටයුතු වලට දක්ෂයෙකු ලෙස මොහුව පෙන්වා දෙන්නට පුළුවන්. කිසි නමුත් පියාගේ හදිසි වියෝව නිසා බොහෝ සේ කම්පාවට පත්වූ තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් සංවේදී සටහනක් තබන්නට කටයුතු කර තිබුණා . එහිදී ඔහු කියා සිටියේ

අප්පච්චි… මම අම්මව හොඳම බලාගන්නම්. සුභ ගමන් “ යනුවෙනි.

සැබැවින්ම ඒ බොහෝ දෙනාගේ හද ක ම්පා කරන ආදරණීය පුතෙකුගේ  සංවේදී සටහනක් බවට පත්වුණා. අප කාගේත් හදවතේ සිටින සොදුරු කලාකරුවෙක් වන  සම්පත් තෙන්නකෝන් මහතාට නිවන් සුව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button