උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ශේෂාද්‍රි ප්‍රියසාද් ඇයගේ 30 වන උපන්දිනය සුන්දර ලෙස සැමරුවේ මෙහෙමයි

මෙරට සිනමාව තුළ පුංචි තිරය තුළ  දැක ගැනීමට හැකි වූ තවත් සුන්දර සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ශේෂාද්‍රි ප්‍රියසාද් පෙන්වා දෙන්නට පුළුවන්. පිරිසත් පවුලේ දෙවන දියණිය වන ඇය රංගනයට නර්තනයට නිවේදන  කටයුතු වලට ඉතාමත් දක්ෂ සුන්දර තරුණියක් වනවා.

දිනක්ෂි, ශේෂාද්‍රී සහ ශනුද්‍රි කියන අක්කලා නංගිලා මෙරට කලා ක්ෂේත්‍රය තුළ බොහෝ සේ ජනප්‍රියත්වයට පත්වූ සුන්දර චරිත තුනක් වන අතර ශේෂාද්‍රි ප්‍රියසාද් ඒ අතරින් සුවිශේෂී සුවිශේෂී චරිතයක් වනවා.

චැලෙන්ජර්ස් චිත්‍රපටි ඔස්සේ සිනමාවට පිවිසි ඇය ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගැනීමට සමත් වූ  එක් සොඳුරු චරිතයක් බවට පත්වෙනවා.

අද වන විට විවාහක යුවතියක් වන ඇය වසර ගණනක් ගණනාවක සිට තමන්ගේ පෙම්වතා වූ සංගීත ශිල්පියෙකු වන ක්‍රිෂාන් මාලන් සමග විවාහ වනවා. ඔහු doctor සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙකු වශයෙන්ද කටයුතු කරනු ලබනවා.

කෙසේ නමුත්  සුන්දරත්වයෙන් පරිපූර්ණ සුරූපී ශේෂාද්‍රි ප්‍රියසාද්ගේ  30 වන උපන්දිනය දෙසැම්බර්  2 දිනට යෙදී තිබුණු අතර එම උපන්දිනය වෙනුවෙන් ඉතාමත් සුන්දර ඡායාරූප පෙලක් ලබාගෙන තිබුණා.

උපන් දිනය නිමිත්තෙන් ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළ රැගෙන තිබුණේ ඡායාරූප ශිල්පීන් පමෝද් නිල්රූ මහතා විසින් වේ. ඊයේ දිනයේ උපන් දිනය සැමරූ ශේෂාදි ප්‍රියසාද්ට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා  ඇයි ප්‍රේක්ෂක අපි හදවතින්ම ඇයට ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button