ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“නිලන්ති සුජාතාවක් වාගේ සුන්දර මිතුරියක්” පිං පොං කියූ කතාව

රිදී තිරය පුංචි තිරය ඔහුට ආදුනික තැනක් නම් නොවෙයි. ඒ තරමකට ඔහුගේ රංගන ජීවිතයත් එක්ක සමීපයි. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ හිත්වල රැඳෙන්නේ අනුවර්ථන නාමයකින්නේ.

අන්න ඒ වාගේ හිත්වල රැඳුණු අපූරු චරිතයක් තමයි, අපි හැමෝම දන්න කියන “පිං පොං” කියන්නේ. ඉතින් “පිං පොං” කිවුවම නොදන්න කෙනෙක් නෑ නේ.

ඒ තමයි මුලු රටක් ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගත් ආදරණීය කලාකරු, රජිත හිරාන්. ඉතින් රජිත හිරාන්,

ඔහුගේ අපූරු රංගන හැකියාවන් තුළින් අප අතරට එන අපූරු චරිතාංග නළුවෙකු වනවා විතරක් නෙවෙයි, විඩාබර දෙනෙතට හාස්‍යය උපදවන්නට නම් කදිම රංගන ශිල්පියෙකු ද වනවා. ඉ

තින් මේ වෙද්දි කවුරුත් වාගේ දන්නවානේ, රජිත හිරාන් ආදරණීය ස්වාමි පුරුෂයෙකු මෙන්ම ආදරණීය පියෙක් ද වනවා කියලා. ඔන්න ඉතින් ඒ වාගේම දැනට කලා ක්ෂේත්‍රයට පා තබලා අවුරුදු 20ක් වන රජිත හිරාන්ට විවිධ අය ජීවිතේ මුණ ගැහිලා තියනවා වගේම ඔහුට යහළු යෙහෙළියන්ගෙන් නම් අඩුවක් නෑ.

ඔන්න ඉතින් මේ අතරින් රජිත හිරාන්ගේ ජීවිතේට මුණගැහුණු, “සුජාතාවක් වාගේ” ආදරණීය සුන්දර මිතුරියක තමයි, සුවහසක් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂනය ලබාගත් ජනප්‍රිය රංගන ශිල්පීනි නිලන්ති ඩයස් කියලා කියන්නේ.

ඔන්න ඉතින් රජිත හිරාන්ට, ඔහුගේ හොඳම මිතුරිය නිලන්ති ඩයස්ව මුණ ගැහෙන්නේ, රජිත හිරාන්ගේ පළවෙනි මුහුණත් උළෙලේ දී. ඔන්න ඉතින් රජිත හිරාන් හරිම අසරණ වෙලා ඉන්න වෙලාවේ කලාවෙන් ඔහුව කොන් කරලා තියෙන වෙලාවේ ඔහුට උදව් කරලා තියෙන්නේ ඇයයි.

ඉතින් එදා ඉදාල රජිත හිරාන් හා ඇය හොඳම යාළුවෝ වුණා ලු. ඉතින් ඒ මිතුදමට දැන් වසර 20කටත් වාඩා වැඩිලු. ඉතින් “ඇය රණ්ඩුවට බර නැති ආදරණීය මිතුරියක් ඇය අනිසි මත ගැටුම් පවා ඇති කරගන්නේ නෑ” කියලයි රජිත හිරාන් නම් කියන්නේ.

ඔන්න ඉතින් “සමහර අයගේ යාළුවෝ ඉන්නවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය වුණත්, නිලන්ති ඩයස් කියන්නේ කවමදාවකවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කෙනෙන් නම් නෙමේ ඉතින් ඇය සුජාතාවක් වාගේ කියලත්,

රජිත හිරාන් වටා ඉන්න යාළුවෝ නම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය නෙමෙයි ඇය වාගේ තමයි ඉන්න යාළුවෝත්” කියලයි රජිත හිරාන් ආදරණීය කලාකරුවා කියන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button