උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

නාඩගම්කාරයෝ කතාව ගැන ධර්මප්‍රිය ඩයස් කියූ දේ

අපේ රටේ බිහුවුණු ටෙලි හා සිනමා රංගනයෙන් වගේම වේදිකා නාට්‍යය රංගනයෙනුත් රසික හඳවත් දිනාගත් දක්ෂ ප්‍රවීන ආදරණීය කලාකරුවෙක් වන “ධර්මප්‍රිය ඩයස්” විටෙක අපූරු රංගධරයෙකු ලෙසත් විටෙක හරි අපූරු අධ්‍යක්ෂවරයෙක් ලෙසත් විටෙක ගුරුවරයෙකු ලෙසත් විවිධ භූමිකාවල් තුළ හරි අපූරුවට නිරත වන්නේ ඔහුටම වූ අපූරු හැකියාව නිසාවෙනි.

ඔන්න ඉතින් අද වෙද්දී ධර්මප්‍රිය ඩයස්ව නොදන්න කෙනෙක් නෑනේ. ඒ තරමකට ප්‍රේක්ෂක ආදරය ආකර්ණය හිමි වෙලා තියන ඔහු, මේ දවස්වල විකාශනය වන දෙරණ නාලිකාවේ “දෙවනි ඉනිම” ටෙලි සිත්තමේ “ආනන්දගේ” චරිතයට හරි අපූරු ලෙසින් පන පොවන්නේ ඔහුටම අනන්‍ය වූ රංගන කෞෂල්‍යතාවයන් තුලිනි.

ඉතින් මේ වෙද්දී අවුරුදු 20ටත් අදික කාලයක් පුරාවට වේදිකාවට නෑකම් කියන ධර්මප්‍රිය ඩයස් අදාරණීය කලාකරුවා කියන්නේ, “වේදිකාව කියලා කියන්නේ කලාකරුවෙකුට තම රංගන හැකියාවන් උපරිමයෙන් විදහා දක්වන්නට පුලුවන් අපූරු සංදිස්ථානයක් වේදිකාව තුළින් බිහිවන කලාකරුවන්ගේ රංගන හැකියාවන් හරිම විශිෂ්ටයි” කියලා.

ඉතින් මේ වෙද්දී ධර්මප්‍රිය ඩයස් විසින් නිර්මාණය කරපු, “සාදය මාරයි සල්ලි හමාරයි” කියන වේදිකා නාට්‍යයට බොහෝ රසික පිරිකගේ ආදරය ගෞරවය හිමි වී හමාරය.

ඉතින් “ඒත් එක්කම යම් මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනඟාගන්නටත් මේ වේදිකා නාට්‍යය ලොකු උපකාරයක් වුණා” කියලයි ධර්මප්‍රිය ඩයස් කියන්නේ.

ඉතින් “මෙහි දර්ශන වාර 500ටත් වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශය වෙලා තියනවා. ඉතින් ඒත් එක්ක එකතු වුණු රසික පිරිස නම් අති විශාලයි” කියලත් ඔහු කියනවා.

ඉතින් ඔන්න ඒ විතරක් නෙවෙයි මේ දවස්වල කොයි කවුරුත් හරිම ආසාවෙන් නරඹන “නාඩගම්කාරයෝ” ටෙලි සිත්තමේ “බදන්දුසිරි කබ්රාල්” ලෙසින් පෙනී සිටින්නේ ද මේ අපූරු කලාකරුවා ධර්මප්‍රිය ඩයස් ය.

ඉතින් ඒ විතරක් නෙවෙයි ටෙලි නාට්‍ය රංගනය සිනමා රංගනයටත් ඉතාමත් දක්ෂතාවයක් උසුලන ධර්මප්‍රිය ඩයස් වේදිකාව නාට්‍යයන්වල ඔහුගේ තාත්වික රංගනය නිසාම බෙහෙවින් ජනප්‍රිය වෙලා ඉන්නවා ඔහුගේ ආදරණීය ප්‍රේක්ෂකයින් අතරේ.

“ඉතින් ඒ වගේම “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයට අරගෙන තියෙන්නේ ගැලපෙනම කලාකරුවන් ඉතින් හරිම ආසාවෙන් ඔහු රඟ දක්වන ටෙලි නාට්‍යයක් තමයි, “නාඩගම්කාරයෝ” කියලා කියන්නේ ඉතින් මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉදලාම “නාඩගම්කාරයෝ” එකේ හොඳ රසිකයෙක් තමයි මොහු” කියලත් ධර්මප්‍රිය ඩයස් කියනවා.

ඔන්න ඉතින් අද වෙද්දී තරුණ කලාකරුවන්ට ක්ෂේත්‍රයට පැමිණෙන්නට බොහෝ අවස්ථාවන් තියනවානේ. ඉතින් “එදා කලා ක්ෂේත්‍රයේ වේදිකාවෙන් පටන්ගෙන බොහෝ දුර ඇවිත් ඉන්න කලාකරුවන් විශාල පිරිසක් ඉන්නවා,

ඉතින් ඒ ඔස්සේ ගොඩක් අයට කලාවේ නියම තැනක් තියනවා කියලත් නමුත් අද වෙද්දී ගොඩක් අය කෙටි ක්‍රම ඔස්සේ තමයි කලාවට ඇවිත් ජනප්‍රියවෙලා ඉන්නේ ඉතින් ඒ අයගෙන් ගොඩාක් අයගේ රංගන අත්දැකීම් හරිම අඩුයි” කියලත් කියන ධර්මප්‍රිය ඩයස් හරි අපූරුවට කියන්නේ,

“අවුරුදු 24ක් තිස්සේ වෘත්තිය විදියට ගුරුවරයෙකුගේ භූමිකාවේ හරි අපූරුවට නිරත වෙනවා ඉතින් කලාවෙන් මෙන්ම ගුරු වෘත්තිය තුළින් ද බොහෝ අත්දැකිම් තියනවා” කියලත් ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button