නර්ථන ශිල්පිනී අසේකා විජේවර්ධන 29 වන උපන්දිනය සහෝදර තරු සමග සැමරුවේ මෙහෙමයි

මෙරට සිටිනා අපි කවුරුත් දන්නා හදුනන දක්ෂ, ජනප්රිය ප්රවීණම නර්තන ශිල්පීන් දෙපළක් ලෙස චන්න විජේවර්ධන සහ උපුලි පණිභාරත හදුන්නවන්ට පුළුවන්.
සාම්ප්රදායික නර්ථනය ගරු කරමින් අපේ කලාව රැක ගන්නා මේ ප්රවිණ නර්ථන ශිල්පීන් දෙපළගේ එකම දියණිය දච අද වන විට මෙරට සිටිනා දක්ෂ අපි කවුරුත් දන්නා නර්ථන ශිල්පිනියක් වන අතර ඇය සුන්දර, සුරූපී යෞවනියක් ද වනවා.
මේරට වේදිකාව තුළ නිතරම දකින්නට ලැබෙන සුන්දැ නර්ථන ශිල්පිනියක් වන අසේකා පසුගිය දිනක ඇයගේ 29 වන උපන්දිනය සමරන්නට වු අතර ඇයගේ මේ උපන්දිනය දවසේ අසේකාගේ මිත්රයින් ගණනාවක් ඒ සදහා සහභාගී වි තිබුනා.
කෙසේ නමුත් අප කවුරුත් දන්නා සොදුරු කාලාකරුවන් දෙපළක් වන සාරංගයි දිනක්ෂියි ඇයගේ උපන්දිනයට සහභාගී වි තිබු අතර අසේකාගේ හොදම මිතුරියක් ලෙස ඩිනක්ෂි හදුන්වන්නට පුළුවන්.
අසේකාගේ 29 උපන්දිනය කුඩා සාදයක් ලෙස සංවිධානය කර තිබු අතර එහිදි ඇයව පුදුම කරන්නට පිරිස කටයුතු කර තිබුනා. ඇයට ලැබුනු උපන්දින කේක් එක ඉතාමත් ලස්සන කේක එකක් වු අතර එය නිර්මාණය කර තිබුනේ රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිද වන ටට්යානා රාජපක්ෂ විසිනුයි.

මේ උපන්දින පුදුම කිරිම සම්බන්ධව අසේකා “මේ පුදුමාකාර උපන්දින පුදුම කරවීමට ගොඩක් ස්තූතිය මගේ යාලුවනේ..” යනුවෙන් සදහන් කරමින් සියලු දෙනාටම ආදරයෙන් ස්තුති කරන්නට වුනා.
මීඨ දින කිහිපයකට පෙර ඇයගේ උපන්දිය යෙදි තිබුනත් අපි ඇයට සුභ උපන්දිනයක් ප්රාර්ථනා කරමින් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ද ප්රාර්ථනා කරමු.








