මිනිසුන් නොහිතන විදිහට වෙනස්ම නිර්මාණ කරන්න ඕනේ පුබුදු කීව කතාව

ඔන්න අපේ රටෙන් බිහිවුණු දක්ෂ සුන්දර හිත් ඇඳ බැඳ ගන්නා ආදණීය කලා තරු යුවලක් තමයි පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ.
ඉතින් පුබුදු චතුරංග කිවුවම නොදන්න කෙනෙක් නෑනේ. දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වගේම නිවේදන ශිල්පියෙක් විදියටත් පුබුදු චතුරංග අපි හැමෝගේම හිත් තුළ රැදිලා ඉන්න ආදරණීය චරිතයක් වනවා වගේම, පුබුදුගේ ආදරණීය බිරිද මා.ෂිත් අපි හැමෝම ආදරය කරන තාරුණ්‍යයේ හිත් ඇඳ බැඳ ගත් දක්ෂ සුරූපී කලා තාරකාවියක් වනවා.
ඉතින් මේ ආදණීය කලා තරු යුවල “පුබුදු මාෂි” එකට රඟපාන වගේම දැනට අවුරුදු 4ට කලින් නිර්මාණය කළ “නිහඬ සෙවණැලි” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සුනිල් ප්‍රේමරත්නයන් පුබුදුට කීවලු, ඔහු “පුබුදුගේ “මායා” ෆිල්ම් එක බැලුවා කියලත් ඉතින් ඒ අත්දැකීම් එක්ක “හොනර් කියන ශානරයට” අයිති චිත්‍රපටයක් කරන්න තමයි හිතිලා තියෙන්නේ” කියලා.
ඉතින් පිටපත එහෙම හරිත් වාසලයන් එක්ව එකතු වෙලා ලියලා ඉවරවෙලා පුබුදුව හමුවෙන්න ආවාලු අධ්‍යක්ෂවරයා. “ඉතින් ඒ ආව වෙලාවක මාෂිව දැකලා තමයිලු ඒකේ “විනූ”ගේ චරිතෙට මාෂිට ආරාධනා කරේ.
පස්සේ පුබුදුටත් මාෂිටත් දෙන්නටම ආරාධනා කරා” කියලා, පුබුදු කියනවා. ඔන්න ඉතින් මාෂීගේ පළවෙනි ෆිල්ම් එක තමයි, “ද නිවුස් පේපර්” කියලා කියන්නේ.
ඉතින් ඒ ෆිල්ම් එකෙන් තමයිලු මාෂිගේ රංගන හැකියාව පුබුදුට දැක ගන්නට ලැබිලා තියෙන්නේ නම්. ඉතින් රංගනයට සහජයෙන්ම ගෙනා හැකියාවක් තියෙනවා කියලා මාෂි ඒ ෆිල්ම් එකෙන් ඔප්පු කලාලු.
ඉතින් ඒ වගේම “චන්න පෙරේරා” ගේ “යුගාත්‍රා” ෆිල්ම් එක. ඉතින් ඉදිරියේ දී ඒ ෆිල්ම් එක තිරගත වුණාට පස්සේ මාෂිගේ අපූරු රංගන දස්කම් ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැකගන්නට පුලුවන් වෙයි” කියලා පුබුදු කියනවා.

“පුළුල් විවිධ වූ ප්‍රේක්ෂකාගරයක් තමයි ඉන්නේ. ඉතින් ඒ ප්‍රේක්ෂකයා යාචකයෙක් හරි උගත් විචාරාත්මක බුද්ධියක් තියන කෙනෙක් හරි වෙන්න පුලුවන්.
ඉතින් ඒ වගේ විවිධ පරාසයන් තුළ ප්‍රේක්ෂකයන්ට රස විදින්නට පුලුවන් විවිධාකාරයේ නිර්මාණයන් බිහිවෙන එක කොච්චර නම් හොඳද? නමුත් ගොඩාක් වෙලාවට එක නිර්මාණයකින් හැමෝටම රස විදින්නට බෑනේ” කියලත් පුබුදු කියනව.
ඉතින් පුබුදු කියනවා, “ආදරණීය ප්‍රේක්ෂකයෝ තමයිලු ඔහුගේ අංක 1 වෙන්නේ නිසා ඔවුන් වෙනුවෙන් කලාකරුවන් විදියට, එකම හැඩතලයක නැතුව හොඳ නිර්මාණ ලබා දෙන්න ඕනේ නේ” කියලා.
අපේ රටේ එක කොමඩි ෆිල්ම් එකක් හරි ඉතිහාසය ගැන කියැවන ෆිල්ම් එකක් හරි කරාට පස්සේ, ඒ පස්සෙන් තව තවත් ඒ වගේම ෆිල්ම්ස් රැල්ලක් බිහි වෙනවාලු.
“ඉතින් එහෙම නැතිව විවිධ විදියේ රස විදින්නට පුලුවන් නිර්මාණයන් බිහිවෙනවා නම් අපේ රටේ හැම ප්‍රේක්ෂකාගාරයක්ම සිංහල සිනමාවත් එක්ක එකතු වෙනවා” කියලත් පුබුදු චතුරංග ආදරණීව තමයි කියන්නේ.








