මහේෂි මධුසංකාගේ හුරතල් පුංචි දුවගේ පළමු උපන්දිනය සුන්දර ලෙස සැමරූවේ මෙහෙමයි

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ කාගේත් ආදරය දිනාගත් ආදරේ දිනා ගත් සඳුන් ආදරය දිනාගත් කඳුළසතුරු කලාකාරිනියක් වශයෙන් මහේෂි මධුසංකා හඳුන්වන්නට පුළුවන්.
පුංචි තිරය තුළ මෙන්ම සිනමාව තුළ ද ඇයගේ රංගන දක්ෂතාවය මෙරට ප්‍රේක්ෂකයන් හමුවට සමත් වූ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න සොදුරු රූ සපුවක් හිමි චරිතයක් ද වනවා.
පුංචි තිරයේ සිටිනා අහිංසකාවියක් වශයෙන්ද මහේෂි හඳුනාගන්නට පුළුවන් වන අතර ඇය විවිධ චරිත ගණනාවක් ඔස්සේ තම රංගන කටයුතු සිදුකර තිබෙනවා.
අද වන විට වගකීම් රැසකින් යුතු ආදරණීය මවක් වන මහේෂිට පුතෙකු සහ දියණියක් සිටිනවා. රංගන කටයුතුවලට අමතරව කාලය කළමනාකරණය කර ගනිමින් තමන්ගේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වී සිටින මේ සුන්දර රංගන ශිල්පිනියගේ පුංචි දියණියගේ පළමු උපන් දිනය පසුගිය දිනක යෙදී තිබුණු අතර එම උපන්දිනය ඉතාමත් සුන්දර ලෙස සමරන්නට ඇය සහ සැමියා කටයුතු කර තිබුණා.
මහේෂි තමන්ගේ දියණියගේ පළමු උපන් දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතරම ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ ලස්සන ඡායාරූප පෙළක් ගන්නටද කටයුතු කර තිබුණා.

ඒ වාගේම තමන්ගේ දියණියගේ උපන් දිනය වෙනුවෙනි ආදරණීය සටහනක් තබන්නට ද මහේෂි කටයුතු කර තිබුණා,
”පුංචි කෙනුලි ඔයාට සුභම සුභ උපන්දිනයක්. ඔයා මෙච්චර ඉක්මනට ලොකු වුණා කියලා හිතාගන්නවත් බෑ. ඔයාට අම්මයි අප්පච්චි අයියයි හුඟාක් ආදරෙයි.
අද වගේ පළවෙනි උපන්දිනය නිහතමානි ආදර්ශමත් උගත් බුද්ධිමත් හොඳ දරුවෙක් වෙන්න අම්මා ඔයාට ආශිර්වාද කරනවා. හැමදාම සතුටෙන් ඉන්න මගේ රත්තරන්, බුදු සරණයි.” (උපුටා ගැනීමකි)
පුංචි දියණියගේ උපන්දිනයට අපි සුභ පැතුම් එක් කරමු








