උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

එදා වගේම අදත් සුන්දර පෙනුමක් වගේම සිනහවක් හිමි තනුජා ජයවර්ධන

නිවේදනයෙන් කාටවත් පරදන්නට බැරි හරි අපූරු දස්කම් තියන, නිවේදන ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් අවුරුදු 22ටත් වඩා වැඩි කාලයක් පුරාවට ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු, සුවහසක් ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්නට සමත්වුණු,

“නිතරම හිනාවෙලා ඉන්න” තවමත් තමන්ගේ රූපය ලස්සනට තියාගෙන ඉන්න ආදරණීය කලාකාරිනිය තමයි, “තනූජා ජයවර්ධන” කියලා කියන්නේ.

ඔන්න ඉතින් තනූජා ගොඩාක්ම ආශ්‍රය කරන්නේ නම් තරුණ අය ලු. “ආශ්‍රය කරන වැඩිහිටියන්ගේ වුණත් සිතිවිලි තරුණයි වගේම ඒ හැමදේමත් එක්කම තනූජාගේ සිතුවිලි කොහෙමත් තරුණයිලු.

ඉතින් “තනූජා ගේ තරුණ බවේ රහසත්” ඒක වෙන්න ඇති‚ කියලයි තනූජා කියන්නේ හරි අපූරුවට. ඉතින් “කාන්තාවකගේ ලස්සන කියන්නේ ඇය සතු ශක්තියක් වගේම ඒක ඇගේ පෞරුෂයටත් වැදගත් වෙනවා.

කාන්තාව සතු දක්ෂකම් හඳුනාගෙන ජීවිතේ ඉස්සරහට යනවා නම් ඒ තමා ඇය සතු දක්ෂතාවය කියලාත්, තනූජාගේ ආදරණීය දෙමාපියන් නිතරම ඇයට ගුණදහම් වලින් පෝෂිත වෙන්න කියලත් කියල තියනවා වගේම,

එහෙම ගැහැණියකට පොළවේ පය ගහලා ඉන්න පුලුවන් ශක්තියක් තියනවා” කියලාත් තනූජා කියනවා. සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් එහෙම කරද්දී ඔන්න ඉතින් තනූජාට හිනා යනවාලු.

ඉතින් නිෂ්පාදකවරු හිනාවෙන්න එහෙම එපා කියනවාලු තනූජාට. ඉතින් තනූජා කියනවා, “ඒ කොහොම වුණත් අපි හිනා වෙලා ඉද්දී අපි නොදැනුවත්වම ඇගේ ලේ ටික එහෙම පිරිසිදු වෙනවානේ” කියලා.

ඔන්න ඉතින් “තනූජාගේ හිනාව ඇයට පවුලෙන්ම ලැබුණු දෙයක්”, ඇගේ ආදරණී මෑණියන්ගෙන්ලු ඇයට ලස්සන හිනාවක් උරුම වෙලා තියෙන්නේ නම්” ඒ වගේම තනූජාට ලැබිලා තියන රූපය ලස්සන තනූජා දකින්නේ, “ජන්ම ප්‍රාතිහාර්යයක්” විදියටලු.

මොකද ලස්සන වෙන්න කියලා කිසි දෙයක් ගාන්නේ වත් භාවිතා කරන්නේ වත් නෑ ලු තනූජා. “ඒ වගේම ලස්සනට ඉන්න නම් සිතුවිලි ලස්සන වෙන්න ඕනේ වගේම, නිරෝගීකම ගැනත් අපි හිතන්න ඕනේ වගේම නිතරම ආහාරයට ගන්නේ ඇගේ අම්මාගේ දෑතින් නිමවෙන කෑම තමයි” කියලා තනූජා කියනවා.

ඉතින් අද වෙද්දී විවිධ ආලේපන මඟින් රූපය ලස්සනට තියාගන්න ඇඩ් එහෙම යනවානේ. අන්න ඒ ඇඩ්වල රඟපාන්න තනූජාට කොච්චර නම් ආරාධනා ලැබෙනවා වුණත්, තනූජා ඒවාට නම් යන්නේ නෑ ලු.

මොකද ඒ වගේ දේවල් දකිද්දී තනූජාට ඇති වෙන්නේ අනුකම්පාවක්ලු. ඉතින් කවමදාකවත් සුදුවෙන්න කියලා ආලේපන පාවිච්චි කරන්නේ නැති තනූජා කියනවා, “ඒ දේවල් වලින් ඊට හොදයි ළමයෙකුට පොත් පත් ටිකක් අරන් දෙන එක වගේම ඒක පිනක්නේ” කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button