උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ද්විත්ව චරිත නිරුපණයකින් ඔබ වෙත එන නයනතාරාගේ අලුත් ටෙලි නිර්මාණය

කලා ලෝකයට පිවිස ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ සොඳුරු රංගන ශිල්පිනියක් වශයෙන් නයනතාරා වික්‍රමආරච්චි සොඳුරු රංගන ශිල්පිනිය හඳුන්වන්නට පුළුවන්.

රංගන ක්ෂේත්‍රයට පිවිස ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි වශයෙන් ද සම්මානයෙන් පිදුම් ලබන්නට ඇය සමත් වුණා.

ඇයගේ මෙම සුවිශේෂී රංගන හැකියාව නිසා රයිගම් ,සුමති වැනි මෙරට කලා ක්ෂේත්‍රය තුළ සම්මාන පිරිනමනු ලබනවා උළෙලවල් වලදී වල දී ඇයට සම්මාන ගණනාවක් හිමි වී තිබෙනවා.

දෙවෙනි ඉනිම කතා මාලාව තුල ඉතාමත් සොඳුරු චරිතයක් නිරූපණය කරන ඇය මෙරට ප්‍රේක්ෂකයා අතර ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා.

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නයනතාරා දෙරණ නාලිකාවෙන් විකාශය වන දෙවෙනි ඉනිම කතා  මාලාව තුල සුවිශේෂී චරිතයක් බවට පත්වී ඇති අතර ම. ඒ වනවිට ඇය සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන සුන්දර ටෙලි නාට්‍යයක් වන ” පියාඹන මූනිස්සම් ” කතා මාලාවක් තුල ද දැක ගැනීමට හැකි වෙනවා.

එහි දි ඇය ද්විත්ව  රංගනයක් නිරූපණය කරන අතර එවැනි රංගනයක් ඇයි සිදුකරන ලබන ප්‍රථම අවස්ථාව ද එය වුණා. එම අලුත් රංගන කටයුතු සහ ඇයගේ අලුත් විස්තර පිළිබඳ ඇය පහත ආකාරයට තමා අදහස් දැක්වීම සිදු කර තිබුනා.

ඇයගේ අලුත්ම රංගනය පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ.

ද්විත්ව චරිත නිරූපණයක් සිදු කරන පළමු අවස්ථාව මෙය බවත්. මෙම නව ටෙලිනාට්‍ය දීර්ඝ කතාමාලාවක් නොවන අතර එය වෙනස්ම ආකාරයේ සිදුවීම් රැසකින් සමන්විත ප්‍රේක්ෂකයාට රසවිදින්නට හැකි ලස්සන නිර්මාණයක් බව ඇය කියා සිටියා

ඇයට ලැබුණු ද්විත්ව රංගනය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ

මෙම අළුත් අත්දැකීම ඇයට වඩාත් අභියෝගයක් වූ බවයි. ඊට හේතුව ලෙසයි කියා සිටියේ තමන් රංගන ක්ෂේත්‍රට තවමත් අලුත් රංගන ශිල්පිනියක් වීම නිසා බවයි.

ඇයට මෙම චරිත නිරූපණය සඳහා  සියලු දෙනාගේම සහයෝගය ඉතාමත් හොඳින් ඇයට ලැබෙන බවත් චරිත දෙකක් නිරූපණය කිරීම සැබැවින්ම සුළුපටු කාර්යයක් නොවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

පියාඹන මූනිස්සම් කතා මාලාව තුල  නිරූපණය කරන නයනතාරා නිරූපණය කරන චරිත දෙක

මෙම කතා මාලාව තුළ ඇය චරිත දෙකක් නිරූපණය කරනු ලබන අතර ඉන් එක් චරිතයක්  නිත්‍යා යන මධ්‍යම පාන්තික පවුලක දඟකාර මුරණ්ඩු චරිතයක් වන අතර  මාලි යන චරිතය ඉහළ පාන්තික පවුලක් නියෝජනය කරන අහිංසක  ආදරණීය චරිතයක් වනවා.

මේ චරිත නිරූපණය පිළිබඳ ඇයට ලැබෙන ප්රතිචාර කෙසේද

එම ටෙලි නිර්මාණය පිළිබඳ පූර්ව ප්‍රචාරක පට නරඹන්න ලද ප්‍රේක්ෂකයාගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ඈට හිමි වී ඇති අතර ඇයට ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොතරම්ද කියනවා නම් ප්‍රේක්ෂකයෝ දෙදෙනෙක් ඇවිත් ඇයව බදා ගත් බවත් ඇය තම අදහස් පළ කිරීමේ දී කියා සිටියා.

දෙවැනි මෙම කතා මාලාව තුළ දඟකාර කටකාර ආදරණීය චරිත නිරූපණයකින්  ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි නයනතාරා  අද වෙනවිට වෙනස්ම ආකාරයෙන් චරිත දෙකක් එකවර නිරූපණය කිරීම සිදුකරනු ලබන අතර,

ඇයගේම සුවිශේෂී රංගනයන් ප්‍රේක්ෂකයා වෙනස්ම ආකාරයෙන් වැලද ගැනීම සිදු කරන ඇත. ඇයට ආදරය කරන ඔබත් ඇයගේ මෙම වෙනස් ආකාරයේ රංගනයන් දැක බලා ගන්න එම ටෙලි නාට්‍ය නරඹන්නට අමතක කරන්න එපා

ධනු විජේරත්න

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button