“හැම මොහොතක්ම ගොඩක් අය මට අභි’යෝගයක් වුනා” ගවේෂ කියූ කතාව

හරි අපූරු කලාකරුවකු වන, පින්නවල ජාතික පාසලේ උසස් අධ්‍යාපනය හැදෑරූ වගේම ඉන් පසුව, “රජීවී ආනන්දයන්” යටතේ රංගනය හැදෑරූ “ගවේෂ කවින්ද්‍රනාත්” කියන්නේ රංගන ශිල්පියෙකු වගේම හරි අපූරු නිර්මාණයන් බිහි කරන අපූරු කලාකරුවෙකු ද වනවා.
ඉදිරියේදී කරන්න බලපොත්තුවන දේවල් මොනවද ?
ඔන්න ඉතින් ඉදිරියේ දී “චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාව”ත් හදාරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න මේ අපුරු කලාකරුවා ගවේෂ “දූවිලි මල්, කොළඹ අපි ආවා, මෞනයාගය” වගේ නිර්මාණයන් වලටත් දායක වෙලා තියනවා වගේම,
“උරුමයක අරගලය” ටෙලි සිත්තමේ “සොදියා” විදියටත් හරි අපූරුවට රංගනයේ යෙදනවා වගේම, “කොළඹ ඉතාලිය” ටෙලි නාට්‍යයේ “ක’න්සා” විදියටත් එකිනෙකට වෙනස් වූ හරිම අපූරු චරිතයන්ගෙනුත් හරි අපූරුවට රංගනයේ යෙදනවා, ගවේෂට ආදරය කරන ඔයාලට ඔන්න ඉතින් නරඹන්නටත් පුලුවන්.
ඔබේ ජිවන ගමන ගැන කියනවනම් ?
ඔන්න ඉතින් ජීවිතේ ගෙවෙන හැම තත්පරයක් වාගේම දැනෙන්නේ අභියෝගයක් වගේම ඒ අතර, රැවටීම් ද නොතිබුණාම නෙවෙයි කියලා කියන ගවේෂ, “ඔහුගේම කියලා නිර්මාණයක් කරන්නට හරිම ආසාවෙන් තමයිලු හිටියේ වගේම හිතේ පුංචි අදහසක් තිබ්බා කියලත්,
ඉතින් ඒ හින්දා පුංචි අත්හදා බැලීමක් කරන්න හිතාගෙනලු “මා ඉත්තන්” නිර්මාණය ඔහු විසින් කරේ” කියලත්, ගවේෂ හරි අපූරුවට තමයි කියන්නේ.
කොළඹ ඉතාලිය ගැන කියනවනම් ?
ඔන්න ඉතින් ඒ වගේම කොයි කවුරුත් හරිම ආසාවෙන් නරඹන, “කොළඹ ඉතාලිය” ටෙලි නාට්‍යයේ ගවේෂ හරි අපූරුවට රංගනයේ යෙදෙන, “කන්සා” කියන අපූරු චරිතයට ගොඩාක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා වගේම ලැබෙනවා,
ඔහුට හැකි උපරිමයෙන් “කන්සා”ට සාධාරණයක් කලා” කියලා ගවේෂ කියනවා. ඉතින් නැවතත් ගවේෂගේ අලුත් නිර්මාණය “මා ඉත්තන්” ගැන කිවුවොත්, “ඒක නම් ගවේෂට හරිම නුහුරු අත්දැකීමක් ලු වගේම විශාල රසික ආදරයක ලැබුණු නිර්මාණයක්” කියලයි ගවේෂ කියන්නේ.
ඉදිරියේදීත් රඟපෑම් කටයුතු කරන ගමන් අලුත් නිර්මාණයන් කරන්න පුංචි බලාපොරොත්තුවක් හිතේ තියනවා කියලත්, මේ වෙද්දි නම් දෙවනි නිර්මාණයේ වැඩකටයුතු කරගෙන යනවා කියලත් හරි අපූරුවට තමයි, ගවේෂ කවින්ද්‍රනාත් කියන්නේ.
වසන්ත විතාරණගේ








