කවදාක හරි මගේම දෙයක් කරන්නයි බලාපොරොත්තුව. කිත්මි මුතුමැණිකේ කීව කතාව

අපි හැමෝම ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂක ආකර්ෂනයක් ආදරයක් හිමි ජනප්‍රිය රංගන ශිල්පිනියක තමයි “කිත්මි මුතුමැණිකේ” කියල කියන්නේ.
අපේ රටේ ජනාදරයට පත්වුණු ආදරණීය රංගන ශිල්පිනියක වන කිත්මි, මේ දවස්වල විකාශනය වන ටෙලි නාට්‍යයන් කිහිපයකම හරි අපූරුවට, ඇගේ අපූරු රංගන කුසලතාවයන් කිත්මිට ආදරය කරන ඔන්න ඔයලාට නරඹන්නට අවස්ථාව උදාවෙලා තියෙන්නේ.
කිත්මි මේ දවස් වල මොකද කරන්නේ ?
මේ දවස්වල “කොළඹ ඉතාලිය” ටෙලි සිත්තමේ “තාරුකි” විදියට හරි අපූරුවට රංගනයෙන් දායක වන කිත්මි මුතුමැණිකේ ආදරණීය කලාකාරිනිය, “තාරුකි” ගැන කියන්නේ මෙන්න මේ විදයේ අපූරු කථාවක් තමයි.
“තාරුකි ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නවා වගේම ඉතින් ගෙදරින් පිට පයින්න බලාගෙන තමයි ඉන්නේ, ඉතින් තාරුකි වගේ සමාජයේ ඕනෑ තරම් ගැහුණු ළමයින් දකින්නට ලැබෙනවා” කියලා.
රඟපෑම ගැන ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද?
ඔන්න ඉතින් කිත්මිගේ ආදරණිය පියාණන් නම් කිත්මි රඟපානවට හරිම අකමැතියිලු. ඒ වුණත් ඉතින් කිත්මිගේ ආදරණීය මෑණියන් නම් කිත්මි රඟපානවට හරිම ආසයිලු.
ඉතින් ඇගේ මෑණියන්ගෙන් ඇයට ලොකූ සහයෝගයක්, ඇගේ රංගන කටයුතු වලට කලා කටයුතු වලට ලැබෙනවා ලු වගේම, “හොද නිර්මාණයන් ලැබුණොත් තෝරාගෙන තමයි නිර්මාණවලට දායක වෙන්න හිතන් ඉන්නේ” කියලා කියන කිත්මි, දැනට සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ නර්ථන අංශයෙන් ප්‍රථම වසර උපාධිධාරිණයක විදියට කටයුතු කරනවා.
“වන්ස් අපෝන් අ ටයිම් ඉන් ලාඕලොම්බෝ” තමයිලු මේ දවස්වල අලුතෙන්ම කිත්මි රංගනයෙන් දායක වුණු නිර්මාණය වෙන්නේ නම්.

ඉදිරියේදී දායක වෙන අලුත් වැඩ ගැන කියනවනම්?
ඉතින් “ඉදිරියේ දී, මේ ටෙලි නාට්‍යයේ “සරා” විදියට දමිළ චරිතයක් නිරූපණය කරන්නට තියනවා වගේම ඒක ඇයට හරිම අපූරු වෙනස්ම විදියේ අත්දැකිම් සමුදායක් එකතු කර ගන්නට හැකිවුණු අපූරු චරිතයක්” කියලයි කිත්මි කියන්නේ නම්.
“සිහින ගෙනෙන කුමාරියේ” නාට්‍යයේත් හරි අපූරුවට රඟපාන කිත්මිගේ පළවෙනිම ටෙලි නාට්‍යය තමයි “කොළඹ ඉතාලිය” කියලා කියන්නේ. ඔන්න ඉතින් මුලින් නර්ථන ශිල්පිනියකව සිටි කිත්මිට, රංගනයට එන්න අවස්ථාව ලැබුණේ හරි අහම්බෙන්ලු.
ඒ තමයි චන්දන වික්‍රමසිංහ රංගායතනයේ දී නර්ථනය වගේම රංගනයටත් කිත්මිට ආසාවක් ඇති වුණාලු. චන්න විජේවර්ධනයන්, චන්දන වික්‍රමසිංහයන් යටතේ නර්ථන කලාව හැදෑරූ කිත්මි, ඊට පස්සේ ප්‍රසංග වේදිකාවේ පවා නර්ථනය හදාරලා තියනවාලු.
වසන්ත විතාරණගේ








