
නිවේදනයට අපූරු ප්‍රහසනය යොදාගනිමින් හරි අපූරුවට ආදරණීය ප්‍රේක්ෂකයන් වසඟ කර ගන්නට සමත්, “දෙරණ සිටි ඩාන්ස්” හි හරි අපූරු නිවේදනයෙන් ප්‍රෙක්ෂකයන්ගේ හිත් හොරාගන්නට වූ, නිවේදනයට රංගනය විතරක් නෙවෙයි,
රංගනයටද හරි අපූරු දස්කම් දක්වන, “දෙවනි ඉනිම” ටෙලි සිත්තමේ “මයික්” ගේ චරිතයට හරි අපූරුවට පන පොවන, කා අතරත් ජනප්‍රිය අපූරු රංගන ශිල්පියා තමයි “දෙනුවන් සේනාධීර” කියලා කියෙන්නේ.
ඉතින් හාස්‍ය උත්පාදනයත් එක්ක එක් වුණු දෙනුවන්ගේ මේ අපූරු නිවේදන හැකියාව ගැන මොනවට කියනවාද. ඒ තරමකට සිත් ගන්නා සුලු වනවා.
ඔන්න ඉතින් ඔයාල හැමෝම ආදරය කරන දෙනුවන්ට දැන් වයස නම් අවුරුදු 38 යි ලු. ඉතින් දෙනුවන් කියනවා, “දැන් තමයිලු එන්න එන්නම වයස ගැන දැනේනේ” කියලා.
ඉතින් ඔයාලා දන්නවා නේද මේ වෙද්දී දෙනුවන් පුංචි හරතල් සිඟිත්තියකගේ ආදරණීය පියෙක් කියලා. ඉතින් ඔහුගේ ආදරණීයන් එක්ක හරිම සතුටින් තමයිලු දෙනුවන් ජීවිතේ ගතකරන්නේ.
ඒ වගේම දෙනුවන් කියලා කියන්නේ, “ජනප්‍රියත්වයෙන් පුහු මාන්නයක් ඇති කර ගන්න කෙනෙක් නම් නෙවෙයි. ඔහු හරිම නිහතමානි හැමෝටම එක විදියට සලකන ආදරණීය චරිතයක්” ද වනවා.
ඔන්න ඉතින් දෙනුවන්ගේ පියා නම් දෙනුවන් ප්‍රහසන නළුවෙක් වෙනවාට හරිම අකමැතියිලු කියලා ඔයාලා දන්නවා ද?. ඉතින් දෙනුවන්ගේ නාට්‍යය නම් ඔහුගේ ආදරණීය පියාණන් නරඹන්නේ නෑ ලු.

ඉතින් කොයි කවුරුත් වාගේ හරිම ආදරයෙන් බැන බැන නරඹන “දෙවනි ඉනිම” ටෙලි සිත්තමේ අපූරු රචනය කරපු, සමන් එදිරිමුනියන් නම් කියන්නේ දෙනුවන් ගැන මෙන්න මෙහෙම කථාවක්.
ඔන්න බලන්නකෝ. “දෙනුවන් කියලා කියන්නේ සමන් එදිරිමුනියන් එක්ක එකට පාසලේ ඉගෙන ගත්තු හොඳම ආදරණීය මිත්‍රයෙක්” කියල යි.
“දෙවනි ඉනිමෙන්” ලැබෙන වැටුපෙන් ලු ඔන්න ඉතින් දෙනුවන් ඔහුගේ ආදරණීයයන් එක්ක හරි ලස්සනට ජීවිතේ ගෙනි යන්නේ නම්. “ඉතින් “දෙවනි ඉනිම” දෙනුවන්ගේ ජීවිතේ අපූරු වෙනසකට ගෙනියවුවා” කියලත්, දෙනුවන් කියන්නේ හරිම ආදරණීයව වගේම නිහතමානීවයි.
ඉතින් දෙනුවන් සේනාධීර ආදරණීය කලාකරුවා හරි අපූරුවට කියනවා, “ඔහු මයික්ගේ චරිතයට දක්වන කැපකිරීම ලෙන්ගතුකම ප්‍රධාන චරිතයන් පන පොවන නළු නිළියන් වත් දක්වන්නේ නෑ යි කියලත්, කවුරු හරි හිනස්සලා තමයිලු දෙනුවන් කන්නේ එහෙම කියලත්,
කාගෙ හෝ මූණකට සතුටක් ගේන එක කොයි තරම් නම් හොඳද කියලත්, “දෙවනි ඉනිමේ” කොටස් 17ක් කරත් “දෙවනි ඉනිම”ත් එක්ක ඔහු ඉන්නවා කියලත්,
ඉතින් මයික් විදියට රංගනයෙන් ඔහුට විශාල ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් ලැබුණා ඒකෙන් ලැබෙන වේතනයෙන් පිටරටවල් වල ට්‍රැවල් කරන්නත් ලැබුණා,
ඉතින් ඒකට ගොඩාක් ගරු කරනවා කියලත් ය”. කොහොම නමුත් ගවුමක් ඇන්ද නිසා සමහර අය “මයික්” චරිතයට හරිම කැත විදියට බැන්නා වුනත් ඒකත් ඔහුට සතුටක් ලු.








