උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“නිළියන් සුදු වෙන්න ලස්සන වෙන්න ඕන කියන කතාව බොරු” අ’න්සතු ඔබ ගීතයේ හැමෝම හොයන යුවතිය මෙන්න

පසුගිය කාලය පුරාවට සමාජ මාධ්ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වූ සහ බොහෝ දෙනා නැරඹූ සොඳුරු ගීතයක් ලෙස ” අන්සතු ඔබ ” ගීතය පෙන්වා දෙන්නට පුළුවන්.

ගීතය මෙන්ම එම ගීතයට අදාළව ප්රචාරය වූ එහි රූප රචනය ද මෙරට බොහෝ දෙනා කතා බහට ලක් කරන්නට වූ කරුණක් බවට පත්වුණා.

මේ දිනවල අතිශය ජනප්රිය ගීතයක් බවට පත්වී ඇති මේ ” අන්සතු ඔබ” ගීතයට මේ වන විට ලැබෙන ප්රතිචාර ඉතාමත් ඉහලින් පවතිනවා.

ජනප්රිය ගායකයෙක් වන තිසර වීරසිංහ ගේ කටහඬින් ගායනා කරන මේ සොඳුරු ගීතය තුල අසම්මත ප්රේමයක් පිළිබඳ විග්රහ වෙයි.

පද රචනය මෙන්ම රූප රචනය ද ඉතාමත් අලංකාර වන අතර එහි රූප රචනය සඳහා සහභාගීවන යුවල පිළිබඳ බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමු වුණා.

මෙම රූප රචනයේ සිටින සුන්දර යුවතිය කාගේත් අවධානය දිනා දිනාගත් චරිතයක් බවට පත් වූ අතර ඇය නමින් නිපුනි ගුණවර්ධන වේ.

මෙම ගීතයට සහභාගි වීම සම්බන්ධයෙන් සහ එහි රඟපෑම් කටයුතු නිසා ඇයට ඉතාමත් හොඳ ප්රතිචාර මේ දිනවල ප්රේක්ෂකයාගෙන් හිමිවන බව ඇය කියා සිටියා.

ඇය බොහෝ දෙනා වැඩිය හඳුනන්නේ නැති චරිතයක් වුණත් ඇය හීන හොයන සමනල්ලු , A/L වැනි සිනමාපටවල චරිත නිරූපණය සිදුකර ඇති අතර. සුන්දර යුවතියක් වෙන අය 2019 වසරේ මිස් ශ්රී ලංකා තරගාවලිය අවසන් වටේට තේරුන සුරූපි යුවතියක් වනවා.

මුහුණේ ඉරියව් ශරීරය චලනය ඉතාමත් හොඳින් පෙන්නුම් කරන වෙනස්ම ආකාරයේ චරිත නිරූපණයක් මෙම ගීතය තුළින් දැක ගැනීමට හැකි වන අතර ඒ සඳහා ඇයගේ එම කැපකිරීම ගීතයේ සාර්ථකත්වයට මහඟු පිටුවහලක් වී තිබෙනවා.

මේ නිසාම මෙම රූප රචනය මෙරට ප්රේක්ෂකයාට කතාබහ කරන කථා බහ කරන මාතෘකාවක් බවට පත්වීම සම්බන්ධයෙන් ඇය සතුට පල කළා.

රූප රචනය තුළ ඇයගේ ස්වභාවික පෙනුම දෙස ගැනීමට හැකි වන අතර ඒ නිර්මාණය සාර්ථක වීමට තවත් එක් කරුණක් බවට පත්වුණා.

සමහරක පෙනුමෙන් පවා සැබැවින්ම සුන්දර තරුණියක් වන ඇයට අලුත් වැඩ කිහිපයකට ආරාධනා ලැබී තිබෙන අතර ඒවායෙන් තෝරාබේරා ගෙන හොඳ නිර්මාණවලට දායකවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඇය පවසා තිබුණා .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button