උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

අද දින අප අතුරින් සමු ගන්නා රසික හදවත් තුළ මතකයේ රැදුනු සොදුරු කලාකරුවාණන් ලක්ෂ්මන් විජේසේකර

දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණ රැසක් රසිකාවියන් වෙනුවෙන් බිහි කරන ලද සොඳුරු කලාකරුවකු වශයෙන් ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණන් හඳුන්වන්නට පුළුවන්.

ගායන ශිල්පියකු රංගන ශිල්පියකු මෙන්ම දැන්වීම් අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් ද මෙතුමා කටයුතු කරනු ලැබුවා. රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට හැකි හදවතට දැනෙන ලෙස සොඳුරු කටහඬකින් ගීත ගායනා කිරීමේ හැකියාව මෙතුමා සතු වනවා.

මෙරට 70 80 දශකයේ කැපී පෙනෙන සුවිශේෂී කලාකරුවන් අතර මෙතුමාගේ නාමය ද සනිටුහන් වේ. රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය හදාරා 1975 වසරේ ගුවන් ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයෙන් සමත් වන්නට මෙතුමා සමත් වෙනවා.

ගීත ගායනා කටයුතුවලට වඩා මෙතුමා වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ අධ්‍යක්ෂණ කටයුතු සඳහාය. ඒ අනුව එතුමා වැඩි නැඹුරුතාවක් දක්වනු ලබන්නේ වැරදි දැන්වීම් නිර්මාණයට, අධ්‍යක්ෂණයට හා ටෙලි නාට්‍ය නිර්මාණ කටයුතු සඳහාය.

ඒ අනුව විලම්බිත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි වැනි ටෙලි නාට්‍නාට්‍යවල සංගීත අධ්‍යක්ෂණය සිදු වන්නේ මෙතුමා අතින්ය. මෙරට රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කරන ලද සොඳුරු ගීත කීපයක් වන දැල්වූ පහන් , ඇති දේ ඇති සැටියෙන් , සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා මේ වසන්තය යන ගීත ගීත ගැයෙන්නේ මෙතුමාගේ කටහඬිනි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි මෙතුමා පසුගිය දිනක එනම් මේ වසරේ නොවැම්බර දොළොස්වෙනි දින අප අතරින් සමු ගන්නා අතර එවිට ලක්ෂ්මන් විජේසේකර මහතාගේ වයස අවුරුදු 73 උනා.

මෙරට රසික රසිකාවියන්ගේ සිත් ආමන්ත්‍රණය කිරීමට හැකිවු ලක්ෂ්මන් විජේසේකර සොදුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button