
ඔබේ අත මිට මොලවා බලද්දී කොහොමද ඔබේ අතේ මහපට ඇඟිල්ල පිහිටන්නේ කියලා ඔබ මෙච්චර දවසක් බැලුවේ නම් නෑ නේද? ඔබේ ආදරණීයයන්ට කියලා බන්න අත මිට මොලවන්නට කියලා.
ඔන්න ඉතින් දැන් බලන්න පුලුවන් ඒ අයගේ මහපට ඇඟිල්ල එකිනෙකට වෙනස් විදියට පිහිටලා තියෙන්නේ කොහොමද කියලා ඉතා හොදාකාරයෙන්ම.
පහත රූපවල දක්වලා තියන විදියට ඔබේ අතමිට මොලවා ඇත්තේ කොයි ක්රමයට ද කියලා බලලා ඔබේ පෞරුෂ ගති ලක්ෂණයන් ගැන හෙළි වන්නේ මොනවාද කියලා ඔන්න ඔබට දැන් දැනගන්නට පුලුවන්.
01. අත මිට මොලවද්දී මහපට ඇඟිල්ල රූපයේ විදියට පළවෙනි ආකාරයට දැක්වෙනවා නම් මෙන්ම මේ වගේ පෞරුෂ ගති ලක්ෂණ තමයි ඔබට තියෙන්නේ.
අනිත් අයට නොපමාව උදව් කිරිමට කැමැත්තක් දක්වන ඔබ හරිම කරුණාවන්ත, ඉතාමත් අවංක චරිතයක් වනවා. ඒ වගේම ආදරය සම්බන්ධයන් වලදී නම් හැඟීම් ප්රකාශ කරද්දි, ඔබ තරමක් දුර්වල ගති ස්වභාවයන් පෙන්නුම් කරනවා වුණත් විනෝද ජනක දේවල් වලට නම් ඔබ ප්රිය පුදගලයෙක් වනවා.
ශක්තිමත් පරිකල්පන හැකියාවක්ද ඔබ තුළ තිබෙන අතර, ඔබට අවශ්යය කාට හෝ පිහිටක් වෙලා, ඔවුන්ට උදව් කිරීමට වුණත්, ඔවුන් ඔබේ අවංකභාවයත් කාරුණිකකමත් එක්ක වාසි ප්රයෝජන ලබා ගැනීමට උත්සහ කරන බැවින් ඒ ගැන සැලකිලිමත් වෙන එක ඔබේ නුවණට හුරුය. තවද වික්රමාන්විත ක්රියා වැනි දේවල් වලට ද ඇලුම් කරන ඔබ තුළ කුතුහලය කියන දේ නම් නිතරම වාගේ පවතින දෙයක් වනවා.

02. ඉතින් ඊළඟට බලමු, දෙවනි ක්රමයට අත මිට මොලවද්දී මහපට ඇඟිල්ල රූපයේ විදියට කොයි වගේ පෞරුෂ ගති ලක්ෂණ ද පිහිටලා තියෙන්නේ කියලා.
ඔන්න ඔබ ඉතා දක්ෂ නිර්මාණශීලි වගේම මිතුරන්ව ඇති කර ගැනීමේ හැකියාවකින් ද යුතු සුවිශේෂිභාවයකින් යුක්ත වනවා. මොකද ඔබ හරිම අව්යාජ නිසාත්, ගොඩක් අය ඔබව ළඟින්ම ඇසුරු කරලා හොඳම යහළුවෙක් කර ගන්නටත් කැමති නිසා.
තවද ඔබ හරිම ත්යාගශීලියි. බුද්ධිමත් ඔබගේ ආත්ම විශ්වාසය ද ඔබ තුළ මැනවින් දැක බලාගන්නට පුලුවන් වෙනවා. ඔබ තරමක් මුරණ්ඩු ගති ස්වභාවයන් පෙන්නුවත් නායකත්වය ලබා ගැනීමට ආශා කරන ඔබගේ හඳවත නම් විටෙක චංචලතාවකින් යුතු වන අතර, ඔබ තුළ ඇති උත්සාහය ධෛර්යයත් එක්ක තමයි ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ.
ඉතින් ඒ විතරක් නෙවෙයි ඒ වගේම ආදර සම්බන්ධතා වලදි නම් ඔබ අනෙක් පාර්ශවයට වරදක් නම් නොකරන තරමිය. ඒ කියන්නේ ඔබ ඔහුට හෝ ඇයට අවංකව කටයුතු කරන චරිතයක් වනවා වගේම,
ඉතින් මේ හින්දා ගොඩක් වෙලාවට යම් හුදකලාවකුත් එක්ක ජීවත් වෙන්නට ඔබ ඇලුම් කරනවා. ඒ වගේම අසාර්ථක තත්ත්වයන්ට ඉතාමත් බයක් දක්වන ඔබට අනිත් අයගේ උපකාර දිරි ගැන්වීම් මධ්යයේ ඔබ නැවතත් ජීවිතයට සාර්ථකව මුහුණ දෙන චරිතයක් වනවා.
03. අත මිට මොලවද්දී මහපට ඇඟිල්ල රූපයේ තුන්වෙනි ආකාරයට දැක්වෙනවා නම් මෙන්ම මේ විදයේ පෞරුෂ ගති ලක්ෂණ වලින් ඔබ යුක්ත වනවා.
ඔබ කලාවට ස්වභාව ධර්මයට ආදරය කරන හරිම ආදරණීය චරිතයක් වනවා වගේම, ජීවිතයේ එකී අංශයන්ට ඉතාමත් ඉහළ ඉඩහසරක් ලැබෙනවා විතරක් නෙවෙයි, සමහර වෙලාවට ඕනවටත් වඩා සංවේදි වන ඔබ තුළ චංචල ගති ස්වභාවයක් ද පෙන්නුම් කරනවා.
ඒ වගේම පොළොවේ පය ගහලා තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්නට කැමැත්තක් දක්වන ඔබ, කලාවට ආදරය කරන චරිතයක් නිසාත් ඔබට ඇත්තේ සුන්දර හිතකි. ඒ වගේම ඔබ හරිම කඩිසරයි, ක්රියශීලියි.
කෙනෙකුගේ දුක ඉදිරියේ දී ඔබ නොපසුබට වී ඔවුනට උදව් කරන්නට පෙළඹෙන අපූරු චරිතයක් වන ඔබ තුළ අනිත් අයව තේරුම් ගැනීමේ අපූරු හැකියාවකුත් තියනවා.
විශේෂයෙන්ම ඔබ සිහින දකිනවා වගේම ඒ සිහිනයන් තුළ ජීවමානව ඉන්නට ඔබ ඉතාමත් කැමැත්තක් දක්වන අතර, ඔබ ආදරණීය ජීවිතයක් ගත කිරීමට තමයි කැමැත්ත දක්වන්නේ.
තවද නිහතමානි බුද්ධිමත් ඔබ මිනිසුන්ට නායකත්වය ලබා දීම අතින් නම් සුවිශේෂි ස්ථානයක් හිමි කරගන්නව. ඔබ තුළ ඒ තරම්ම නම්යශීලි ගුණ සහිතයි.








