චාම් විදිහට අඳින්න කැමති රූමත් නිත්‍යා දේවින්දි කියන කතාව

නිත්‍යා දේවින්දි කියලා කියන්නේ 2016 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරි තරඟයේ අවසන් 12 දෙනා අතරට එන්නට වාසනාව ලබපු සුන්දර රූමත් යුවතියක වනවා.
ඉතින් ඇය ඒ තුළින් රංගන ලෝකයට පිවිසිලා, ඇගේ නිත්‍යා නාමය ක්ෂේත්‍රය පුරා හරි අපූරු රංගන ශිල්පිනියක ලෙස විදහා දක්වන්නට සමත් වනවා.
ඔන්න ඉතින් මේ දවස්වල අපි හැමෝම හරිම ආදරයෙන් නරඹන “පාර දිගේ” ටෙලි සිත්තමේ රොහන් අලුවිහාරගේ නංගි ඒ කියන්නේ රුවිනි අලුවිහාරේ විදියට, “නිත්‍යා” රඟපානවා අපිට හරි අපූරුවට දැක බලා ගන්නනට පුලුවනි.
ඒ විතරක් නෙවෙයි “රේස්” ටෙලි සිත්තමේත් හරි අපූරුවට රංගනයේ යෙදෙන නිත්‍යා, “රේස්” එකේ දේශිය වෛද්‍යවරියකගේ චරිතය ද හරි අපූරුවට කරගන යනවා නිත්‍යාට ආදරය කරන ඔයාලට හරි අපූරුවට නරඹන්නට පුලුවන්.
ඔන්න ඉතින් නිත්‍යා කියනවා “ඇය රුවිනි විදියට රඟපාන චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් තමයිලු අහන්නේ” කියලා. “ඇයි රොහාන් අලුවිහාරේගේ ජීවිතයේ බෙහෝ දේවල්
වලට ඕනවට වඩා ඇඟිලි ගහන්නේ” කියලා ආදරණීය ප්‍රේක්ෂකයෝ නිත්‍යාගෙන් අහනවාලු. වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටින නිත්‍යාගේ ආදරණීය පවුලේ, ඇය දෙවනියා වෙනවා වගේම, ආදරණීය මවත් සමඟ ලස්සනට ජීවිතේ ගෙනියන නිත්‍යා කියන්නේ,

“ඇගේ ආදරණිය පියා නම් ජීවතුන් අතර නෑ” කියලත් වගේම, ඉතින් අවුරුදු කුමරි තරඟයට එන්නට මූලික දේ වුණේ ගෙදර කියලත්, පවුලේ ආදරණීයන්ගේ කැමැත්තයි ඉල්ලීමයි එක්ක නිත්‍යා තරඟයට ඉදිරිපත් වුණාලු”.
ඉතින් ඔන්න ඔහොම වෙද්දී නිත්‍යා කියනවා “ඇය මුලින්ම රඟපාන්නට නම් එතරම් කැමැත්තක් තිබ්බේ නෑ කියලත්, ඒ කෙහොම වුණත් “මුතුලෙන්දොර” ටෙලි සිත්තමෙන් තමයිලු ඇයට කලා ලෝකයට පිවිසෙන්නට වරම් ලැබෙන්නේ කියලත්, ඊටත් පස්සේ ටිකක් කල් ගියාට පස්සේ, “පාර දිගේ” එකේ රංගනයටත් ඇයට ඇරයුම් ලැබුණ” කියලත් ය.
ඉතින් ඔන්න නිත්‍යාගේ පාසල් කාලය ගැන කථා කරොත්, ඇය වැඩියෙන්ම කැමති සංගීතයට ලු. ඉතින් ගෙදරින් එහෙම ඇයට ඉස්සර කිව්වලු “මියුසික් රියැලිටි කම්පෙටිෂන්ස්” වලට එහෙම යන්න කියලා.
ඒ වගේම “පාසල් කාලේ නීතිඥවරියක් වන්නට ඉගන ගත්තා වුණත්, ආදරණිය පියාණන්ගේ වියෝවත් එක්ක ඒ අදහස අත හරින්නට සිදු වුණා කියලත්,
නිත්‍යා කියලා තියන්නේ ලොකු ලොකු හීන පස්සේ දුවන කෙනෙක් නෙමෙයි කියලත්, ඒ වගේම අතට අහුවෙන ඇදුමක්, ඒ කියන්නේ හරිම සරල චාම් විදියට තමයි ලු නිත්‍යා විලාසිතා කරන්න කැමති කියලත්,
ඉතින් නිළියක වුණා කියලා අදටත් ඒ සිතුම් පැතුම් හැසිරීම් වෙනස් වෙලා නෑ කියලත්, ඒ වගේම මේ අරම්භ කරපු රංගන ජිවිතය ඇගේ වෘත්තිය විදියට තෝරාගෙන ඒකෙන් ඉස්සරහට යන්නට බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ” කියලත්, නිත්‍යා දේවින්දි ආදරණීය කලාකාරිනිය හරි අපූරුවට තමයි කියන්නේ.








