උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

ෂැඩෝ ඩ‍්‍රාමා කලාවෙන් රටම හඳුනාගත්තු රට වටේ යන Ms.Traveller තමාෂා

පසුගිය කාලයෙහි පැවති අයහපත් වාතාවරණය නිසාත්, පණවා තිබූ සංචරණ සීමා නිසාත් බොහෝ දෙනාට නිවෙස් වලට කොටුව සිටීමට සිදු වුණා.

නමුත් මේ වන විට කොරෝනා වියසනය පැවතුනද සංචරණ සීමා ලිහිල් කිරීම නිසා නැවතත් කෙමෙන් කෙමෙන් සුපුරුදු ජීවන රටාවට හුරු වීමට බොහෝ දෙනා පෙළඹ තිබෙනවා.

නමුත් එලෙස සංචාරය කිරීමට අවස්ථාව නොමැති සහ අවස්ථාවක් ලැබුණත් යා නොහැකි තැන් ගියාක් මෙන් නැරඹීමටත්,එම අත්දැකීම එලෙසටම විද ගැනීම සදහාම ඉතා සුන්දර, විනෝදකාමී, ත්‍රාසජනක සංචාරක වැඩසටහනක්

“ෂැඩෝ ග්‍රාමා” කලාව මගින් රටක් හඳුනාගත් සුරූපී යුවතියක වන තමාශා ජයසූරිය විසින් “Ms.traveller” ලෙසින් ජාතික රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන්නේ බොහෝ බොහෝදෙනාගේ ප්‍රියතම වැඩසටහන කරමිනුයි.

“ෂැඩෝ ග්‍රාමා” කලාවෙන් පසු රූපවාහිනී අධ්‍යක්ෂවරියක වීමට සිහින දැක ඇති ඇය සංචාරයන් සදහා දැක්වූ අප්‍රමාණ රුචිකත්වය නිසා ම මෙම සංචාරක වැඩසටහන් අධ්‍යක්ෂණය කළ බවත් ,

adventure, ත්‍රාසජනක අත්දැකීම් සදහා මුහුණ දීමට තරුණයන්ට මෙන් ම තරුණියන්ට ද ශක්තියක්, හැකියාවක් ඇති බව පෙන්වීමටත් ඇය විසින් එය සිදුකළ බවයි කියා සිටින්නේ.

එමෙන්ම අනෙකුත් පාරිසරික වැඩසටහන් සමඟ සසඳා බැලීමේදී “Ms.traveller” වැඩසටහන සුවිශේෂිත්වයක් ගන්නා අතර තමාශා ද එම වෙනස සිදු කිරීමට බොහෝ වෙහෙස වී ඇති බවයි පෙනී යන්නේ.

ඇදුමෙන් පැලදුමෙන්, ගමන් ගන්නා රථවාහනයන් ද දිනෙන් දින වෙනස් කරන ඇය පාපැදියෙන් ද ගමන් කිරීමට ඇතැම් අවස්ථාවන් වල කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් එය බොහෝ අභියෝගයක් වූ බවත් අන් අයට යෑමට අපහසු දුෂ්කර ස්තානයන්ට පවා යෑමට කටයුතු කිරීම නිසා ඇයට බොහෝ ත්‍රාසජනක අත්දැකීම් සඳහා මුහුණ දීමට සිදු වූ බවයි කියා සිටින්නේ.

එම වැඩසටහන තවත් වර්ණ ගැන්වීම සඳහා යෝගා ,ඇක්ක්‍රෝ යෝගා වැනි දෑ ද ඒ සඳහා යොදාගෙන ඇති ඇය කියා සිටින්නේ එම ගමනට පිරිස එක් කර ගැනීම හා නිෂ්පාදන කණ්ඩායම මෙහෙය වීම ඇයට වෙනස්ම වූ අලුත් ම අත්දැකීමක් වූ බවත්,

ඇයගේ ෂැඩෝ ග්‍රාමා කණ්ඩායමේ වැඩ කරපු පිරිසම මෙහි නිෂ්පාදන කණ්ඩායමේ ද සිටීම ඇයට සතුටට කරුණක් වූ බවයි. බොහෝ සමීක්ෂණයක් ද සිදුකර ලංකාවේ ඇති අලුත් අලුත් සුන්දර ස්ථානයන් පිළිබඳව සොයා බලා ඒ සදහා යොදාගෙන ඇති ඇය ,

තම වැඩසටහන සාර්ථක කර ගැනීම හා ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් රැගෙන ඒම සඳහා බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කර ඇති බව ත් එම වෙහෙස අපතේ නොයා ඇති බවත් එය නරඹන ඔබත් අනුමත කරනු ඇති.

විශේෂ කාර්ය බලකායේ මෙන්ම බොහෝ පිරිසකගේ උදව් උපකාරද සහිතව අප රටේ සුන්දරත්වයේ ජාත්‍යන්තරයට රැගෙන යෑමේ අරමුණින් ඇය කරගෙන යන මේ ක්‍රියාන්විතය ඉදිරියටත් මේ ලෙසටම අති සාර්ථක අයුරින් කරගෙන යෑමට ශක්තිය ,වාසනාව ලැබේවා කියා අපි ද ඇයට සුබ ප්‍රාර්ථනා එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button