“මගේ ලොකුම කැමැත්ත තියෙන්නේ රංගන ජිවිතයට” ජීවන් කුමාරතුංග

වසර ගණනක දිගු ඉතිහාසයක් ඇති කලා ක්ෂේත්රය තුළ ලැබෙන සුවිශේෂී චරිත අතර ඉන්නා තවත් එක් සුවිශේෂී රංගන ශිල්පියෙකු වශයෙන් ජීවන් කුමාරතුංග මහතා පෙන්වා දෙන්නට පුළුවන්.
මෙරට සිනමාව තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කළ සොඳුරු චරිත ලෙම අදටත් එදා මෙන්ම පවතිනවා. සිංහල සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වන ප්රවීන දක්ෂ රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග මහතා රංගන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව දේශපාලනය තුළ ද කැපී පෙනෙන චරිතයක් බවට පසුගිය කාලය පුරාවට දකින්නට ලැබුණා.
රංගන කටයුතු සහ දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේ දී එතුමා ප්රකාශ කර සිටියේය තමන්ගේ ලොකුම කැමැත්ත වන්නේ රංගන ජීවිතයට බවත් ඒ ඉතාමත් හොඳ තෘප්තියක් තමන් ලබන බවත්, දේශපාලනය යනු ඉතාමත් බැරෑරුම් වගකීම් රාශියකින් පිරි දෙයක් බවත් ජීවන් කුමාරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියා.
තනි තරුව නැමැති සිනමාපටය වූ සිය මෙරට සිනමාවට ප්රවිෂ්ට වන මොහු විවිධ චරිත ගණනාවක් ඔස්සේ ප්රේක්ෂකයා අතරට යන විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක් වනවා.

එතුමා සිය රංගන දායකත්වය ලබා දුන් සිනමාපට අතර හිත හොඳ පුතෙක්, වැඩ බැරි ටාසන්, මහින්දාගමනය, සිරි දළදා ගමනය, හිත හොද පිස්සෝ, දේදුනු වැස්ස ආදී වශයෙන් සිනමා නිර්මාණ ගණනාවක විවිධ චරිත වවන්නට එතුමා සමත් වෙනවා.
ජීවන් කුමාරතුංග මහතා පිළිබඳ කතා කතාකිරීමේදී එතුමාගේ සුන්දර බිරිඳ පිළිබඳවත් කතා කළ යුතුමයි. ඇය නමින් ෂෙරින් ප්රියංකා සේනාරත්න වේ.
ඉතාමත් සුන්දර කාන්තවක් වශයෙන් ද ඇයව හඳුන්වා දීමට පුළුවන්.ඊට අමතරව එතුමාට සුන්දර දියණියන් දෙදෙනකු ද සිටිනවා. අදටත් ප්රේක්ෂක ආදරය නොඅඩුව හිමි කර ගැනීමට සමත් ඒ සොදුරු රංගන ශිල්පියාගේ සොදුරු ඡායාරූප කිහිපයක් තමයි මේ.








