වේදිකාවේ නැතුවම බැරි චරිතයක් වන මාදනිගේ සුන්දර කැදැල්ල

ඔන්න ඉතින් වේදිකාවට නැතුවම බැරි හරි අපූරු සුන්දර චරිතයක් වගේම, සැබෑ ජීවිතය් ආදරණීය මවක වගේම ආදරණීය බිරිදක වන ඇය කවුද. ඉතින් ඇය නම් වෙන කවුරුත් නෙවෙයි, මුළු රටක් ආදරය කරන දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනී මාදනි මල්වත්තගේ යි.
බාහිර ඔපයට වඩා ජිවිතයේ ඇතුලාන්තය විදින්නට දකින්නට කැමති මාදනි මල්වත්තගේ මේ අපූරු සුන්දර කලාකාරිනිය, වේදිකාවේ විතරක් නෙවෙයි පුංචි තිරයේත් රිදී තිරයේත් යන ත්‍රිත්ව අංශයන්ගෙන් මේ වෙද්දී විශාල ප්‍රේක්ෂක ආදරයක් ආකර්ශනයක් වගේම ජනප්‍රියත්වය ද දිනාගෙන හමාරයි.
“රන්ගිර, රැජිනියෝ, කහවනු අනන්තා” වගේ කලාත්මක ලස්සන ටෙලි නිර්මාණයන් කිහිපයකටම හරි අපූරුවට රංගනයෙන් දායක වෙලා තියන මාදනි මල්වත්තගේ, “එළිය අරන්, ගිරිදේවි, යකඩ” වාගේ තවත් ටෙලි නිර්මාණයන් වලට තම අපූරු රංගන දස්කම් දක්වලා තියනවා වගේම,

සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනාගන්නට ඇයට හැකි වනවා විතරක් නෙවෙයි, රංගනයට අමතරව මාදනි නිවේදන ක්ෂේත්‍රයේත් හරි අපූරුවට දක්ෂකම් දක්වනවා.
ඔන්න ඉතින් මීට කලින් දිගට තිබ්බ කොන්ඩේ කොටට කපපු මාදනි ඒ නිසා සමාජ මාධ්‍ය ජාලා වල හරිම ප්‍රසිද්ධ වුණා කියලා අපි දන්නවානේ.
ඉතින් මාදනි නම් මෙන්න මේ විදියට තමයි ඇගේ කොණ්ඩේ ගැන කථාව කියන්නේ, “දිග කොණ්ඩයක් තිබ්බා වුණත්, පුතා ලැබුණාට පස්සේ වගේම හරියට කොණ්ඩේට සත්කාර කරපු නැති නිසාත්, ටිකෙන් ටික කොණ්ඩේ යන්න ගත්තා. ඉතින් කොණ්ඩේ කොටටම කපලා දැම්මා” කියල යි.

ගොඩක් කාර්යබුල වෙලා ඉන්න මාදනිට තමන්ගේ ගෙදරින් පිට තමයි වැඩිපුරම ජීවිතේ ගත කරන්නට වෙලා තියෙන්නේ නම්. ඒ කොහොම වුණත් තමන්ගේ ආදරණීයන්ට වෙන්න ඕන යුතුකම් වගකීම් නම් පැහැර හරින්නේ නැතිව,
ඇගේ වැඩ කටයුතු හරි අපූරුවට කළමනාකරණය කර ගන්නේ මෙන්න මේ විදියට කියලා මාදනි මල්වත්තගේ මේ අපූරු කලාකාරිනිය හරි අපූරුවට මෙන්ම මෙහෙම කියනවා.
“ආදරණිය පුතා වුණත් කාර්යබහුලකම ගැන හොඳින් අවබෝධ කරන් ඉන්නවා කියලත් වගේම, ගෙදර වැඩ වුණත් තුන්දෙනා බෙදාගෙන සහයෝගයෙන් සතුටින් කරනවා කියලත්, ඉතින් කොච්චර නම් කාර්යබහුල වුණත් ඇඟට ගන්නේ නැතිව හරිම සැහැල්ලවෙන් ලස්සනට ජිවත් වෙනවා” කියලා යි.









