තරුණයින්ගේ සිහින බොඳ කරමින් ටනාශා හතරසිංහගේ විවාහය ගැන හෙළි කරයි

මෑත කාලයේ ජනප්‍රිය වූ සොඳුරු රංගන ශිල්පිනියන් අතර සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ටනාෂා හතරසිංහ හඳුන්වන්නට පුළුවන්.
මියුසික් විඩියෝ, වෙළඳ දැන්වීම් ඔස්සේ කලාවට පිවිසෙන ඇය ප්‍රථමයෙන් සිනමාවට සම්බන්ධ වන අතර පසුව ඇය මෙරට ටෙලි නාට්‍ය ගණනාවක සොඳුරු චරිතයක් බවට පත්වෙනවා.
මෑතක සිට විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නීල පබළු ටෙලි නාට්‍යය තුළ සුවිශේෂී රංගනයක් රංගනයෙන් දායක වන ඇය එහිදි “කුරුලු” යන චරිතය නිරූපණය කරනු ලබනවා.
රංගනයට අමතරව නිරූපණ ක්ෂේත්‍රය තුළ ද නමක් දිනා ගන්නට හැකි වූ සොඳුරු රුවැත්තියක් වශයෙන් ඇය හදුන්වන්නට පුළුවන්. රංගන කටයුතුවලට අමතරව ද රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වශයෙන් ද ඇය කටයුතු කරනු ලබනවා.

රංගනයට පිවිස කෙටි කාලය කාලයක් වුවත් ඇයට ලැබෙන ප්‍රේක්ෂකයාගේ ආදරණීය ප්‍රතිචාර පිළිබඳ ඇය පවසා සිටියේ තමන්ට ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වන බවත් ඔවුන් සියලු දෙනාටම තමන් ගොඩක් ආදරේ බවත්ය.
සුන්දර පෙනුම නිසා ම මෙරට තරුණ පරපුරේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නට ඇයට අවස්ථාව උදා වී ඇති අතර මේ වන විට ආදරණීය පෙම්වතියක් වන ඇය තමන්ගේ විවාහය ගැන යම් යම් ඉඟි පළ කරමින් තිබෙනවා.
ඒ අනුව ඇය ප්‍රකාශ කර සිටියේ තමන්ගේ පෙම්වතා වන අනුරාදධ සමග තව වසර දෙකකින් එනම් 2023 වසරේ දී පමණ විවාහවීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් ඉදිරි රංගන කටයුතු සාර්ථක කර ගැනීම ටනාෂා හැකිවේවා යැයි අප ප්‍රාර්ථනා කරන ගමන් ඇයගේ සොඳුරු ඡායාරූප කිහිපයක් නරඹමු









