උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

මෙරට පොලිස් ඉතිහාසයේ නාමය සනිටුහන් කරන්නට වු නියෝජ්‍ය පොලිස්පතිවරියන්

ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ කතා කිරීමේදී කතා කිරීමේදී ඒ සඳහා දිගු ඉතිහාසයක් පවතිනවා. මෙරට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම මොහොතකදීම පෙරමුණේ සිටින ශ්‍රී ලංකා පොලිසියට ප්‍රථමයෙන් අප ගෞරව දැක්විය යුතුයි.

මේ කියන්නට යන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ තම නාමය සනිටුහන් කරන්නට සමත් වූ පොලිස් සේවයේ නිරත සුවිශේෂී නිලධාරිනියන් කිහිපදෙනෙක් පිළිබඳවයි.

ඒ මෙරට ඉතිහාසය පොලිස් සේවයට සම්බන්ධ වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා න් තිදෙනෙක් සම්බන්ධවයි.. එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙරට පොලිස් සේවයේ ඉහළම තනතුරක් ලද පළමු අවස්ථාව මෙය වූ අතර ඒ මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්  සනිටුහන්  කරන මොහොතක් වේ.

එම නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනා පිළිබඳ කතා කිරීමේදී එම නිලධාරිනියන් තිදෙනා වන්නේ ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය , නිශානි සෙනවිරත්න මහත්මිය  සහ රේණුකා ජයසුන්දර මහත්මිය වේ.

මේ ආකාරයෙන් ඔවුන් නියෝජ්‍ය පොලිස්පතිවරියන් වීම තුළින් ගම්‍ය වන කරුණක් වන්නේ ඉදිරි අනාගතයේ දිනක මෙරට පොලිස් සේවයේ පොලිස්පතිවරියක් බිහිවීම වැඩි ඈතක නොවන බවයි.

ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පිළිබඳ කතා කතාකිරීමේදී 2019 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටියදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ මෙතුමිය එම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව විය.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස සේවයට පැමිණ ඇයට  එම ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුගෙන් ලද සහාය ඇතිව අද සිටින ස්ථානයට පැමිණිට හැකි වු බව එතුමිය ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටියා.

නිශානි සෙනවිරත්න මහත්මිය පිළිබද කතා කිරිමේදි එතුමිය පවසා සිටියේ උසස් පෙල කරන කාලයේ ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවා ගන්න ඉල්ලුම්පත් කැදවා තිබු බවත් එහිදි පරිගණක ඩිප්ලෝමාවක් හදාරා ඇති අය ඒ සදහා බදවා ගන්නා බවත්ය,

ඒ අනුව අයදුම්පත්‍ර යොමු කරන මෙතුමිය රාජ්‍ය බුද්ධි සේවාවට (ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයට) තෝර ගනු ලබනවා. ඒ අනුව එදා සිට අද වන තෙක් ඉතා දිගු ගමනක් පොලිස් සේවය තුළ ඇය පැමිණ තිබෙනවා.

රේණුකා ජයසුන්දර මහත්මිය පිළිබද කතා කිරිමේදි 1994 වසරේ උසස් පෙළින් පසු පොලිසියට ද අයදුම්පතක් යොමු කරන ඇයට පොලිසියට බැදීමට අවස්ථාව උදා වු අතර,

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අතරතුර පෙළපාළි පුහුණු පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් හොඳම පෙළපාළි අණ දෙන්නිය වශයෙන්ද  කටයුතු කරන්නේ එතුමිය වේ.

මෙරට පොලිස් ඉතිහාසයේ නොමැක නාමයක් සනිටුහන් කරන ලද ඔබතුමියන් සියලුදෙනාටම ඉදිරි වැඩකටයුතු සාර්ථක ලෙස සිදු කර ගැනීමට හැකි වේවා යැයිද අප ප්‍රාර්ථනා කරනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button