උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

විශ්‍රාමික වැඩිහිටි අම්මල තාත්තලා වෙනුවෙන් මිෂෙල් දිල්හාරා ආරම්භ කරන ලද වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානය

මිෂෙල් දිල්හාරා ගැන සුන්දරව ඇති මෙරට කලා ක්ෂේත්‍රයට මෑත කාලයේ දී එකතු වූ සොඳුරු චරිතයක් බවට වනවා. තවමත් නව යොවුන් වියේ පවසන මේ සුන්දර තරුණිය මෙරට නිර්මාණ වූ සුවිශේෂී ගණයට නිර්මාණ කිහිපයකට තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා .

එහිදී ඇය රංගනයෙන් දායක වූ can you hear me, සුදු ඇඳගෙන කළු ඇවිදින් වැනි විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ ඔස්සේ ඇගේ සුවිශේෂී රංගන හැකියාව ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වේ.

රංගනයට තවමත් නවක රංගන ශිල්පිනියක් වුවත් ඇයගේ තාත්වික රංගනය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට තරම් ඇය සාර්ථක රංගන ශිල්පිනියක් වෙනවා.

කෙටි කාලයක් තුළදී ඇය මෙතරම් ජනප්‍රියත්වයට පත්වීම පිළිබඳ ඇය ප්‍රකාශ කර සිටියේ  කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී කෙටි කාලයක් වුවත් එම කාලය තුළ දී තමන් ලබාගත් අත්දැකීම් සහ ජයග්‍රහණ පිළිබඳව ඇත්තටම තමන් සතුටු  වන බවයි.

රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම ඇය සමාජ සත්කාර කිරීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින තරුණියක් වේ. අද වන විට සමාජ සත්කාර වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඇය විසින් සිදුකර තිබෙනවා.

එමෙන්ම සමාජ සත්කාර කිසිවක් ලාභ ප්‍රයෝජන ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් සිදු නොකරන බවයි ඇයට ලැබිණි ලැබෙන සියලු මුදල් සමාජ සත්කාර සඳහා යුද වන්නටත් ඇය කටයුතු කර තිබෙනවා.

පුංචි තිරයේ සුන්දර අහිංසකාවියක් වන මිෂෙල් දිල්හාරා නිදි අලූත්ම සමාජ සත්කාර වැඩසටහන ලෙස දිවුලපිටියේ සෙනෙහස් අරණ නමින් වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර වයස අවුරුදු 55 පිරුණු විශ්‍රාමික වැඩිහිටියන් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය  නිර්මාණය කරන්නට ඇය කටයුතු කර තිබෙනවා.

ඒ පිළිබඳව ඇය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙවැනි දෙයක්ය.

“විශ්‍රාම ගියාට පස්සේ ඒගොල්ලන්ට එයාලගේ සම වයස යාළුවන් මෙලොව අතහැරලා යනවා එහෙමත් නැත්නම් ළමයි සමඟ ඈත පැති වලට පදිංචියට ගිහිල්ලා එහෙම නැත්නම් දරුවන් නොසලකා හැරලා නිසා වැඩිහිටි නිවාසවල ජීවත්වන පිරිස එයාලා විදින තනිකම නිසා විවිධ මානසික රෝගවලට පත්වෙනවා.

නිවෙස් වල සිටින විශ්‍රාමික වැඩිහිටි අම්මල තාත්තලා එයාලම නොදැනුවත්වම මගහැරෙනවා. මේ සඳහා පිළියමක් විදිහට යම් ප්‍රදේශයක තනිවී සිටින මෙවැනි සියලුම විශ්‍රාමික දෙමව්පියන්ට අවස්ථාවක් උදාකර දෙන්න තමයි මට අවශ්‍ය වුණේ. “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button