මුළු බුකියේම කතා වෙන චුලක්ෂිගේ අලුත්ම චායාරූ එකතුව ගැන කියූ දේ

2017 වර්ෂයේ හොඳම නිරූපිකාවට හිමි සම්මානය තමා සතු කර ගන්නා ඇය 2014 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළද දිනා ගැනීමට සමත් වනු ලබනවා.
බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ ජනප්‍රිය සිනමා නිර්මාණයක් වන “දේදුනු ආකාසේ” සිනමා පටය හරහා රිදී තිරයට පාතබන ඇය සුරූපී, ජනප්‍රිය, අතිදක්ෂ රංගන ශිල්පිනී චුලක්ශි රණතුංග යි.
වෙළඳ දැන්වීම් ,ගීත රූප රචනා හරහා නිතර දක්නට ලැබෙන මේ හුරුබුහුටි රංගන ශිල්පිනිය රංගනයට අමතරව නර්තනයටද උපන් හපන්කම් දක්වන්නියක් බව පසුගිය දිනවල හිරු “මෙගා ස්ටාර්” තරගාවලියේ ඇය නර්තනයෙන් දැක්වූ දක්ෂතා නිසා පිළිබිඹු වනවා.

ඒකකාරී චරිතයන්ට කොටු නොවී විවිධාකාරය වූ චරිතයන්ට පණ පෙවීමට ප්‍රියතාවයක් දක්වන ඇය මෙතෙක් රංගනයෙන් දායක වූයේ ද එකිනෙකට වෙනස් චරිතයන්ටයි.
රුව කියන දෙය හැමදාමත් එක ලෙස නොපවතින දෙයක් බැවින් ඇය කියා සිටින්නේ රුවට මූලික තැන නොදී හැකියාවට මුල්තැනදී රංගනයේ යෙදී යුතු බවයි.
ඒ වගේම බොහෝ ප්රේක්ෂකයන් රංගන ශිල්පීන් ගැන සිතා සිටින්නේ ඔවුන් සැබෑ ජීවිතයේ ද රංගන ජීවිතයේ මෙන් චරිතයන් බව පවසන චුලක්ශි කියා සිටින්නේ එය එසේ නොවන බවත් සැබෑ ජීවිතය හා රංගන ජීවිතය කියන්නේ දෙකක් බවයි.

අත්තනගල්ල ප්‍රදේශයේ උපත ලබා ඇති ඇය රංගනය නිසා ම මේ වන විට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර චුලක්ශි කියා සිටින්නේ හොඳම නිළියට හිමි සම්මාන ලබනවාට වඩා ප්‍රේක්ෂක හදවතේ ජනප්‍රිය රංගන ශිල්පිනිය වීම ඇයගේ බලාපොරොත්තුව බවයි.
ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය ව්‍යායාම කරන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල බොහෝ ජනප්‍රිය ව තිබෙනවා.ඉතින් අද අපි ඔබවෙත රැගෙන ආවේ ද ඇගේ එවැනි ඡායාරූප කිහිපයකුයි.









