අලුත් අධ්‍යක්ෂවරුන්ට ක්ෂේත්‍රය ගැන කිසිම අත්දැකීමක් නැහැ, නවකයන් ජනප්‍රිය වුනාට දක්ෂතාවය නැහැ වසන්ති චතුරානිගෙන් සැර කතාවක්

මෙරට සිනමාව තුළ බිහි වූ අති විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් ලෙස “ගැහැනු ළමයි” චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන් වෙයි.මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කුසුම්ගේ චරිතය නිරූපණය කරන ලද ඒ සුන්දර රංගන ශිල්පිනිය වන්නේ වසන්ති චතුරානි මහත්මියයි.
කරුණාසේන ජයලත් මහතාගේ නවකතාව ඔස්සේ නිර්මාණය වුණු වී මේ ගැහැණු ළමයි චිත්‍රපටයේ එම ප්‍රධාන චරිතය ප්‍රේක්ෂකයා අතරට ගිය සුන්දර චරිතයක් බවට පත්වුණේ වසන්ති චතුරාණී මහත්මිය එම චරිතයට දැක්වූ අසහාය රංගනය හේතුවෙනි.
ඒ අනුව මෙරට සිටින ප්‍රවීණ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර මූලිකත්වය ගන්නා චරිතයක් ලෙස වසන්ති චතුරාණීමහත්මිය හඳුන්වන්නට පුළුවන්.

පෙම්වතියක් , බිරිඳක් , මවක් වශයෙන් මෙන්ම විවිධ චරිත ගණනාවකින් ඇයගේ රංගන දක්ෂතාවය මෙරට ප්‍රේක්ෂකයෝ වැළඳගත් අතර අදටත් රසික රසිකාවියන් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක්ද වේ .
නමුත් වර්තමාන ටෙලි නිර්මාණවල වැඩිය දකින්නට නොලැබුනත් වසන්ති චතුරානි මහත්මිය පවසා සිටියේ ඇයට රංගනයන් සඳහා ආරාධනා ලැබුණු ලැබුණු ඒවා භාර ගන්නා බවත් චන්ඩි රැජිනකගේ චරිතයක් වුවත් තමන්ට හැකි නම් එය රඟපෑම සඳහා උත්සාහ කරන බවත්ය.
පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් වසන්ති චතුරානි මහත්මිය නව පරපුරේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගැන තමන්ගේ අදහස් පළ කර තිබූ අතර ඇය පවසා සිටියේ,
රංගන කටයුතු සඳහා දක්ෂ දරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේදී නව අධ්‍යක්ෂකවරුන්ට එම ක්ෂේත්‍රයේ පිළිබඳ අත්දැකීම් අඩු බවත් නිර්මාණශීලී අධ්‍යක්ෂකවරු නව පරපුරේ දකින්න නොලැබෙන බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇය ප්‍රකාශ කර තිබුණා.

රංගනයට පිවිසෙන නව පරම්පරාවේ රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් පිළිබඳ වත් ඇය තමන්ගේ අදහස් පළ කර සිටියේ මේ ආකාරයටයි. “අලුත් පරපුරෙන් චරිතාංග රංගන ශිල්පීන් බිහිවෙන්නේ අඩුවෙන්. අද ඇවිත් හෙට ජනප්‍රිය වෙලා නිළියෝ වෙන්න බැහැ.
දැන් ටෙලිවිෂනය තියෙන නිසා අද ඇවිත් හෙට ජනප්‍රිය වෙන්න පුළුවන්. දැන් වැඩිපුරම ඉන්නේ සබන් දිය කළා වගේ නළු නිළියෝ. රංගනය කියන විෂයය ගැන හොඳ හැදෑරීමක් තියෙන්න ඕනේ.’’
එම පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවේදී වසන්ති චතුරානි මහත්මිය අවසන් වශයෙන් නවක රංගන ශිල්පීන්ට කියා සිටියේ අනුකරණය කිරීමෙන් වැළකෙන ලෙසයි.
තමන්ගේ සහ සහජ දක්ෂතාවයෙන් රංගන කටයුතුවලින් ඉදිරියට යෑම තුළින් කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට හැකි බවත් ඇය මතක් කර සිටියා









