ආදරණීය පුතුන් දෙදෙනා සමග කාලය ගත කර එක විනෝදජනක බව පවසන තීක්ෂණ අනුරාධ

තීක්ෂණ අනුරාධ කියන සොඳුරු ගායකයා මෙරට සුපිරි තරු අතර පෑයූ දක්ෂ ගායන තරුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
සිරස සුපර් ස්ටාර් පලමු තරඟාවලිය ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පිවිසි යොවුන් ගායක තීක්ෂන අනුරාධ අද වන විට මෙරට සිටින දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන් .
සොඳුරු ගීත ගණනාවක් රසික රසිකාවියන්ට දායාද කරන ලද මොහු සතු ඔහුට ආවේණික සුන්දර කටහඬ මෙරට රසික රසිකාවියන්ගේ හදවත් නොමැකෙන සොඳුරු ගායකයෙක් බවට පත්වන්නට අදටත් ඔහු සමත් වී තිබෙනවා.

සමාජ මාධ්ය ජාලා තුළ නිතර කතා බහට ලක් වන මේ සොඳුරු ගායකයා අද වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ සෙනෙහෙබර පියෙකු වේ.
ඉතිං තීක්ෂණ අනුරාධට මේ වන විට පුතුන් දෙදෙනෙකු සිටින අතර තම ආදරණීය බිරිඳ සහ පුතණුවන් දෙදෙනා සමඟ ගත කරන කාලය ඉතාම සුන්දර බව තීක්ෂණ අනුරාද මතක් කර සිටියේ මේ ආකාරයටයි.
“ මට මේ වෙද්දි පුතාලා දෙන්නෙත් ඉන්නවා. හැබැයි එයාලා ගැන ඇහැ ගහගෙනම ඉන්න ඕන පොඩ්ඩක් එහා මෙහා උනොත් විනා’සයි.

එයාලා එක්ක ගෙවන ජිවිතේ හරිම විනෝදජනකයි. මොකද එයාලා කියන වචන කරන සෙල්ලම ජිවිතේ ලස්සන මතක ඉතුරු කරනවා. අනික මට මොන ප්‍රශ්න ආවත් ඒ මුහුණු දකිද්දි මට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා.”
තමන්ගේ ජීවිතේ පළමු තැන ලබාදී ඇත්තේ තමන්ගේ ආදරණිය පවුලට බවත් පුළුවන් සෑම මොහොතකම තමන්ගේ බිරිඳ සහ දරුවන් සමග කාලය ගත කිරීමට හැකි සෑම වෙලේම කාලය වෙන්කර ගන්නා බවත් ඒ අතරතුර තමන්ගේ සංගීත වැඩකටයුතුද සමබරව සිදුකරගෙන බවත් ඔහු මතක් කර සිටියා.
ඔබ ආදරය කරන සොඳුරු ගායන තරුවක් වන තීක්ෂණ අනුරාධ ඔහුගේ ආදරණීය පවුල සමඟ කාලය ගත කරන සුන්දර ඡායාරූප කිහිපයක් තමයි පහතින් ඔබට දැක ගැනීමට හැකි වන්නේ.









