
මෙරට කලා ක්ෂේත්‍රය තුළ කාලෙන් කාලයට නවක රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් ද පැමිණෙන අතර රංගන ක්ෂේත්‍රය තුළ මේ වනවිට ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දිල්හානි වීරසිංහ හඳුන්වන්න පුළුවන්.
හුස්මක් තරමට, අහස් මාලිගා, සුසුමක ඉම වැනි ටෙලි නාට්‍ය ඔස්සේ මෙන්ම මෙනාට්‍ය ඔස්සේ මෙම සුරූපී රංගන ශිල්පිනියගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකිවන අතර,
මේ දිනවල ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා ආශාවෙන් නරඹන රූපවාහිනි නාලිකාවේ විකාශය වන සකල ගුරු ටෙලි නාට්‍යයේ ඇය සුන්දර චරිතයක් නිරූපණය කරනු ලබන අතර ඇය සකල ගුරු ටෙලිනාට්‍යයේ පුෂ්පා ලෙස ඇයගේ රංගනය සිදුකරනු ලබනවා.
01

2014 වසරේ ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමරිය තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කරන ලද මේ සුන්දර යුවතිය එම ජයග්‍රහණයත් සමඟ කලා ක්ෂේත්‍රයට පිවිසි සුරූපී රංගන ශිල්පිනියක් වනවා.
මුල් කාලයේදී විවිධ රංගන කටයුතු සඳහා ඇයට ආරාධනා ලැබුණත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමුවී සිටි නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට ඇයට නොහැකි වූ බවත් අධ්‍යාපන කටයුතු ඉන්පසු ඇයට සකල ගුරු නාට්‍ය සමඟ එකතු වී ඇයගේ රංගන හැකියාවන් ඔප මට්ටම් කරගැනීමට අවස්ථාවක් උදා වූ බවත් ඇය මතක් කර සිටියා.
ඊට අමතරව මේ වන විට ඇයට චිත්‍රපටිය චිත්‍රපටිය කිහිපයකට කිහිපයකට ද සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා.
02

රංගන ශිල්පිනි දිල්හානි වීරසිංහ පිළිබඳ කතා කිරීමේදී එය නර්තන උපාධියක් ලබාගත් තැනැත්තියක් වන අතර උඩරට පහත රට කතක් සබරගමු වැනි නර්තන සම්ප්‍රදායන් හොඳින් ප්‍රගුණ කළ නර්තන ශිල්පිනියක්ද වෙනවා.
ඒ අනුව ඇය නර්තන ගුරුවරියක් වශයෙන් කටයුතු කිරීමට ද ඉදිරියේ දී බලාපොරොත්තුවෙන් සිටිනවා. සකල ගුරු ටෙලි නාට්‍යයේ පුෂ්පා ගේ චරිතයට පණ පොවන ඇය අද බොහෝ දෙනකු හඳුනන්නේ පුෂ්පා යන ලෙසයි.
මේ නිසා ගැමි චරිතය නිසා අද වන විට බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් හඳුනා ගන්නට ඒය හේතුවක් වුනා. ගැමි චරිතයක් නිරූපණය කිරීමට ඇයට ලැබුණු අවස්ථා පිළිබඳ ඉතාමත් සතුටු වන ඇය ඉදිරියේදී නර්තන ගුරුවරියක ගේ චරිතය නිරූපණය කිරීමට ආශාවෙන් බලා සිටිනවා.
තවමත් රංගනයට අලුත් මේ සොඳුරු රංගන ශිල්පිනිය ඉදිරියේදී ඇය සහභාගි වන තවත් නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂකයාට දැක දැක ගැනීමේ අවස්ථාව ඇති අතර සුන්දර දිල්හානි වීරසිංහගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ
03









