
තරුණ පරම්පරාවේ දක්ෂයන්ට මෙන්ම පුංචි පරම්පරාවේ පුංචි දක්ෂයන්ට ද හොඳ තෝතැන්නක් ලෙස දෙරණ වේදිකාව හඳුන්වන්න පුළුවන්.
දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලිය ඔස්සේ ගායනයට දක්ෂ මෙන්ම නර්තනයට දක්ෂ පුංචි හපන්නු ගණනාවක් මේ වන විට බිහිවී තිබෙන අතර දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 තරගාවලියෙන් බිහිවූ පුංචි දක්ෂ තරුවක් වගේම අද වන විට දක්ෂ පුංචි රංගන ශිල්පිනියක් බවට පත්වූ තෙනුජි විනාරා පුංචි දියණිය පිළිබඳවයි මේ විස්තරය.
මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන අතිශයින්ම ජනාදරයටම ජනාදරයට පත්වූ සුන්දර ටෙලි කතා මාලාවක් ලෙස පානමංකඩ ටෙලිනාට්‍ය හඳුන්වන්නට පුළුවන්.

මේ සුන්දර ටෙලි කතා මාලාව තුල දැකගන්නට හැකි දක්ෂ පුංචි රංගන ශිල්පිනියක් වශයෙන් තෙනුජි විනාරා දියණිය පෙන්වා දෙන්න පුළුවන්.
නර්තනයට මෙන්ම රංගනයට ද ඇය දස්කම් දක්වන බව ඇයගේ එම රංගන කටයුතුවලින් හොඳින්ම පෙනෙනවා. පානමංකඩ ටෙලිනාට්‍ය තුළ ඇය විවිධ අවස්ථාවලදී නර්තනයන් ඉදිරිපත් කරන අතර ඇයගේම සුන්දර නර්තනයන් සඳහා ප්‍රේක්ෂකයාගේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙන බව මේ පුංචි දියණිය පුවත්පත් ආදි සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණා .

ලොකු කුඩා සැම දෙනාගෙන් ප්‍රතිචාර මේ වන විට ඇයට හිමි වී තිබෙනවා. අධ්‍යාපන කටයුතු සමඟ සමබරව රංගන කටයුතු කරගෙන යන ඇයට පාසලේ ගුරුවරුන්ගෙන් හා යහළුවන්ගෙන් ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙන බවත් ඇය ආදරෙන් මතක් කර සිටියා.
නර්තනයට වගේම රංගනයට දස්කම් දක්වන මේ පුංචි මේ පුංචි දියණියට පාසල් වැඩ කටයුතු වාගේම ඇයගේ කලා කටයුතුත් ඉදිරි අනාත”ගතයේදි සාර්ථක ලෙස සිදු කර ගැනීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
පුංචි දියණියගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි ඔබට මේ දැකගැනීමට හැකිවන්නේ









