වතුර බොන්න අකමැති වුනත් හිතලම වතුර බොනවා. රංගන ශිල්පිනි චතුරිකා පිරිස් කියපු කතාව

පුංචි තිරයේ සුන්දර රංගන ශිල්පිනියන් අතර අමතක නොවන සුන්දර චරිතයක් ලෙස චතුරිකා පීරිස් හදුන්වන්න පුළුවන්. එදා වාගේම සුන්දරත්වයෙන් අදටත් අඩුවක් නොවන ඇය අද වන විට ආදරණිය මවක් වේ.
කවුරුත් දන්න හදුනන මෙරට ප්‍රසිද්ධ දක්ෂ රංගන ශිල්පියෙකු වන ගයාන් වික්‍රමතිලක සමග ඇය විවහා වී සිටි. සොදුරු දගකාර චරිත ඔස්සේ පෙම්වතියගේ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට ගියා.
චතුරිකා පිරීස් එදා දුටු සේම අදටත් ඇයගේ සුරුපී බව හැඩය ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබන සොදුරු රංගන ශිල්පිනියක් වන අතර ඇයගේ අදටත් ඒ අයුරින්ම පවතින එම සුන්දරත්වය, තරුණ බව පිළිබද ඇය මතක් කර සිටියේ මේ ආකාරයටයි.

“මම දවසකට පැය අටක් වගේ අනිවාර්යයෙන් නිදාගන්නවා. සතියකට දින දෙකක් තුනක අනිවාර්යයෙන් ව්‍යායාම් කටයුතු කරනවා. වතුර බොන්න අකමැති වුනත් මම හිතලම වතුර බොනවා.
මම පෞද්ගලික ව විස්වාස කරන දෙයක් තියෙනවා. ඒ තමා කෙනෙකුගේ බාහිර පෙනුම වගේම කෙනෙකුගේ හදවත, ඇතුළාන්තය ලස්සන වෙන්න ඕනි කියන එක. මොකද ලස්සන කියන්නේ රූපය විතරක්ම නෙවෙයි”

බිරිඳක් මවක් වශයෙන් තමන්ගේ වගකීම් ඉටු කරන ගමන් තාරුණ්‍ය බව රදවා ගන්නට අමතක නොකරන ඇය තමන් ගන්නා කෑම බීම ගැනත් සැලකිලිමත් වන බවත්, ස්භාවික දේවල් පමණක් ලබා ගන්නා බවත් ඇය වැඩි දුරටත් සුන්දරත්වය පවත්වාගෙ යෑම පිළිබද මතක් කර සිටියා.
ඔබ ආදරය කරන එදා වාගේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොව ආදරණිය රංගන ශිල්පිනි චතුරිකා පිරිස්ගේ සොදුරු ඡායාරූප කිහිපටත් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ.









