ගොසිප් පුවත්තරු ගොසිප්

විවාහ සංවත්සරය දවසේ තෑගි බෙදා ගන්නේ නැතිව නිස්කලංක තැනක දවස ගෙවන රොෂාන් රණවන

තරුණියන් වසඟයට ගත් සිනමාවේ පෙම්වතා ලෙස ජනප්‍රියත්වයට පත් කඩවසම් රංගන ශිල්පියෙකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්න පුළුවන්.

නිරූපණ ක්ෂේත්‍රයේ ද ජනප්‍රිය චරිතයක් වන මොහු මෙරට සිනමාව තුළ ඔහු දැක්වූ රංගනයන් අති විශිෂ්ට වන අතර එදා මෙන්ම අදටත් ඔහු වටා සිටින ප්‍රේක්ෂකයන්ගේ ද  අඩුවක් නැත.

පළමු රංගනයෙන්ම මෙරට ප්‍රේක්ෂකයන් අතර ඉතාමා අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වීමටත් අවස්ථාවක් උදාවීම පිළිබඳව ඔහු අදටත් කතා කරනු ලබන්නේ ඉතාමත් සතුටිනි.

අද වන විට ආදරණීය ස්වාමි පුරුෂයෙකු මෙන් ම ආදරණීය පියෙකු වශයෙන් සුන්දර  ජීවිතයක් ගත කරන රොෂාන් රණවන යෞවනයේ සිහින කුමරා යන නාමය ඒ අයුරින්ම රඳවාගෙන සිටින  කලාකරුවෙකි.

රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ  කුෂ්ලානි වේ. පසුගිය  අගෝස්තු පළමුවන දින ඔවුන් දෙපලගේ හත් වැනි විවාහ සංවත්සරය යෙදී තිබුණ අතර ඔවුන්ගේ විවාහ සංවත්සරය ගැන රොෂාන් රණවන අපූරු කරුණක් කියා තිබුණා.

ඒ කිසිදු විවාහ සංවත්සරයකදී ඔවුන් දෙපල තෑගි හුවමාරු කර නොගන්නා බවත් සෑම අවුරුද්ද කරලීමයි හෝ නිස්කලංක ස්ථානයකට වී නිදහසේ දවස ගෙවන බවත් කියා සිටියා. නමුත් මේ වසරේ එසේ සිදු කරන්නට නොහැකි වුයේ රටේ පැවතුණු තත්ත්වය නිසයි.

රොෂාන් රණවන වැඩිදුරටත් ඇයගේ ආදරණීය බිරිඳ පිළිබඳ පවසා සිටියේ ඔහුගේ සියලුම වැඩ කටයුතු සඳහා ඇය ඇයව උපරිම සහයෝගය තමන්ට ලබාදෙන බවයි.

ඔවුන් දෙපළගේ එකම බලාපොරොත්තු වන්නේ ආදරණීය පුතණුවන්  හොඳ ගුණ යහපත් ලෙස හැදී වැඩී සමාජයට හොඳ දරුවෙකු ලෙස යෑමයි.

එදා මෙන්ම අදටත් තමන්ගේ ජනප්‍රියත්වය ප්‍රේක්ෂක ආදරය ඒ අයුරින්ම රඳවා ගෙන සිටින ආදරණීය රංගන ශිල්පීන්  රොෂාන් රණවන සහ ඔහුගේ ආදරණීය සුන්දර පවුලේ ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button