කොළ පැහැයෙන් දිදුලන කොළ පැහැයට ආදරය කරන අපුරු ආච්චිඅම්මා “Green Lady”

කොළ වර්ණය කියන්නේ ඕනෑම කෙනෙකුගේ සිත මොහොතකට සංසුන් කරන සුන්දර වර්ණයක්. කොළ පැහැයෙන් යුතු සුන්දර වටපිටාවක නිසංසලේ කාලය ගතකරන්න අපි කවුරුත් කැමති.
ඒ හේතුව වන්නේ කොළ වර්ණය අපේ සිතට ගෙන එන සතුට සහ පිවිතුරු නිස්කලංක බව නිසයි. මේ කියන්න තියෙන්නෙ කොළ පැහැය හා සම්බන්ධ කොළ පාටින් පමණක් කටයුතු කරන අපූරු ආච්චි අම්මා කෙනෙක් ගැනයි.
එහෙත් මේ වන විට වයස අවුරුදු අසූවක් පමණ වන තැනැත්තියක් වන අතර කැනඩාවේ ජීවත් වන ඇය නමින් එලිසබෙත් ඊටන් රොසන්තාල් වේ.

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස තරුණ කාලයේ වැඩ ඇරඹී ඇය විවිධ ව්‍යාපාර කිහිපයක්ම සිදු කර තිබෙනවා. වර්ණ වලට බොහෝ සෙයින් ආශා කළ ඇය එම වර්ණ අතරින් වඩාත් ප්‍රිය කළේ කොළ වර්ණය ට පමණයි.
මෙකී සියලු කටයුතු කොළ වර්ණයෙන් පමණක් සිදු කිරීමට ඇය වග බලා ගත්තේ ඒ තරමටම ඇය කොළ වර්ණය හා සම්බන්ධ වී සිටීම නිසයි.
ඒ කොළ වර්ණය සැලකූයේ ධනාත්මක වර්ණයක් ලෙසටයි ලෙසටයි එය ඇසට ප්‍රිය ජනක වන බවයි. ඇයගේ ඇසට තදින්ම දැනුනු එම වර්ණයෙන් එය තමන්ගේ ජීවිතයේ ම කොළ වර්ණයෙන් සරසා ගන්නට උනන්දු වූ බව ඇය ජීවත් වන පරිසරයෙන් හොඳින්ම පසක් වේ.

ඊට හේතුව වන්නේ මේ ආච්චි අම්මගේ හිසේ සිට දෙපතුල දක්වාම ඈ පැලඳ පැළඳ සිටින්නේ භාවිතා භාවිතා කරන්නේ කොළ වර්ණයේ දේවල් වීමයි.
ඒකෙ හිසකෙස් පවා ද කොළ වර්ණයෙන් ඇය සකස් කරගෙන තිබෙනවා. ඇය තවත් සුවිශේෂී වන්නේ මේ ආච්චි අම්මා ජීවත් වන නිවස ඇති සියලුම දේ, නිවස ඇතුලත ඇති සියලුම දේ ඇය භාවිතා කරන සෑම දෙයක්ම කොළ වර්ණයෙන් සකස් කර ගෙන තිබිම නිසයි.
ඇයගේ නිවසේ කාමර, මුළුතැන්ගෙය, සාලය, අඳින ඇඳුම් පැළඳුම් භාවිත කරන උපකරණ මේ සියල්ලම කොළ පැහැයෙන් දිස් වීම දැක ගන්නට පුළුවනි. කොළ පැහැයත් සමග ජීවත්වන මේ අපූරු ආච්චි අම්මගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.









