ගොසිප් පුවත්තරු ගොසිප්

එන්න එන්න ලස්සන වෙන්න හේතුව තමන්ගේ ස්වාමියා බව කියපු මාධවී ඇන්තනීගේ කතාව

අපේ රට තුළ සිටින කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ කලාකරුවන් ගණනාවක් දැක ගැනීමට හැකි වන අතර. මෙරට සිටින විශිෂ්ට ගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වශයෙන් කටයුතු කරනු ලැබූ  අතර කතාබහට ලක්වන කලා කලාකරුවන් පිරි පවුලක් වශයෙන් ජැක්සන් ඇන්තනී මහතාගේ පවුල හදුන්වන්න පුළුවන්.

රංගනයෙන් ගායනයෙන් නර්තනයෙන් නිවේදනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම කලා පවුලේ සාමාජිකයන් සියලු දෙනාම මෙරට තමන්ගේ ජනප්‍රියත්වය ඉහළින්ම පවත්වා  ගෙන යනු ලබන පිරිසක් බවට පත් වී සිටිනවා.

ජැක්සන් පවුලේ වැඩිමහල් දරුවා වන්නේ මාධවී ඇන්තනී වේ. නිවේදනයෙන් රංගනයෙන් නර්තනයෙන් මෙන්ම විලාසිතාවලින් ද ඇය මෙරට තරුණ පරපුර අතර මෙන්ම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය චරිතයක් වෙනවා.

එන්න එන්නම මාධවී ඇන්තනී ගේ සුන්දරත්වය වැඩි වන බව ප්‍රේක්ෂකයා අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක් කරන කරුණක් වනවා.

මේ වන විට විවාහක යුවතියක් වන ඇය තමන්ගේ සුන්දරත්වය විවාහයෙන් පසු වෙනදටත් වඩා වැඩියෙන් පෙනෙන්නට තිබීම ගැන ඇය පවසා සිටියේය ඇයගේ එම සුන්දරත්වය වැඩිවීම සම්බන්ධව ඇය මුලින්ම ස්තූති කර සිටියේ  ඇගේ ස්වාමියා වන මිලාන්ට ය.

“එයා මගේ ජිවිතේට ආවත් එක්ක මගේ ජිවිතේ හිතපු නැති විදිහට ලස්සන වෙන්න ගත්තා. ආදරය, සෙනෙහස, රැකවරණය එක්ක මම ජිවත් වෙද්දි මම තවත් සුන්දර කෙනෙක් වෙන්න පටන් ගත්තා.”

කවුරුත් කතා වෙන ඇයගේ මේ සුන්දරත්ව තව තවත් වැඩි කර ගැනීම සදහා ඇය මෙන්ම නිරෝගී බව ආරක්ෂා කර ගැනීම සදහා ඇය නිතර ජලය පානය කරන බවත්, එළවළු වර්ග, පලා වර්ග හා පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවත් නිතර ව්‍යයාම්වල නිරත වන බවත් වැඩි දුරටත් කියා සිටියා.

සුන්දරත්වයෙන් අඩුවක් නැති එන්න එන් හැඩවැඩ වෙන මේ මාධවීගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button