
නව පරපුරේ දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියකු වශයෙන් ජෙහාන් අප්පුහාමි හඳුන්වන්න පුළුවන්. වැඩි කාලයක් ලබන වේදිකාවත් සමඟ කටයුතු කළ මොහු අද වන විට ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වශයෙන් අතිශයින්ම ජනප්‍රිය වී සිටිනවා.
ඔහුගේ විශිෂ්ට රංගනයක යාව පුංචි තිරයෙන් මෙන්ම සිනමාව තුළින් තුළින් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වෙනවා. ඔහුටම ආවේණික වූ වෙනස්ම විදිහේ රඟපෑම විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමටත් ඒ තුළින් ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ වෙනස්ම විදිහේ චරිත මවන්නට හැකිවූ ජෙහාන් සිදු ටෙලිනාට්‍ය තුළ බොහෝ සේ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.
ඔහු සතු පෙනුම ඔහුගේ එම විවිධ චරිත නිරූපණය වල දී ඔහුට මහත් උපකාරී කරුණක් බවට පත්වූ පත්වූ බව ඔහුගේ විශිෂ්ට රංගනයෙන් හැංගෙන කරුණක් වෙයි .

ජෙහාන් අප්පුහාමි මේ වන විට රූගත කිරීම් වලින් ටිකක් ඈත් විවේක කාලය ගත කරන අතර වසර දෙකකට ප්‍රථමයෙන් ආරම්භ කරන ලද drama magazine එකේ වැඩ කටයුතු වල නිරත වී සිටින අතර මේ වන විට එහි දහවෙනි කලාපය සඳහා ඔවුන් ඇතුළු පිරිස කටයුතු කරනු ලබනවා.
ජෙහාන් අප්පුහාමි ඇතුළු පිරිස ආරම්භ කරන ලද මේ වැඩකටයුතු ඔස්සේ පාසල් සිසුන්ගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් දක්වාම නොමිලේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ පුළුල් දැනුමක් මෙම මැගසීන් එක ඔස්සේ ලබාදීම සිදුකරනු ලබනවා.

ඊට අමතරව ජෙහාන් අප්පුහාමි මේ දිනවල අසරණ වෙලා සිටින බොහෝ අයට මෙන්ව නිරෝධනයට ලක්වී සිටින පිරිස්වලට ද ඔහු ඇතුළු එම කණ්ඩායමේ සාමාජිකයන් උදව් උපකාර කිරීම සිදුකරනු ලබනවා.
ඔහුටම ආවේණික වූ රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයාගේ සිත වසඟයට ගත් ඒ කඩවසම් නළු ජෙහාන් අප්පුහාමි ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ









