
අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ ප්රහසන රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන් සිටින ඇය අප රටේ කලා ක්ෂේත්රයට නැතිවම බැරි, විශාල මෙහෙයක් ඉටුකළ කාගෙත් ආදරය අවධානය ඉතාමත් ඉහළින් දිනා ගත් රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනියක වන ඇය නිල්මිණි කෝට්ටෙගොඩ යි. නිර්මාණයන් රාශියකින් ප්රේක්ෂක සිත් මන්මත් කර ඇති ඇය රංගනයෙන් ප්රේක්ෂක මුවගට නිතරම සිනහවක් ගෙන එන රංගන ශිල්පිනියක් බව ඔබත් දන්නවා ඇති.
ප්රේක්ෂකයන් ගේ මෙන්ම කලා ශිල්පීන්, ශිල්පිනියන්ගේ පවා ආදරයට, ගෞරවයට පාත්ර වී සිටින රංගන ශිල්පිනියක වන ඇය කියා සිටින්නේ මේ වන තෙක් ක්ෂේත්රය තුළ කිසිවකුත් සමග විරසක වී, දොස් අසා නොමැති බවයි.
ඒ වගේම ජීවිතයේ බාළ වියට වඩාත් ප්රිය කරන ඇය කියා සිටියේ නැවතත් කුඩා අවදියට යන්න තිබුන නම් ආස කරන බවයි.
එමෙන්ම මේ වන විට විවාහ වී තරුණ වියේ පසුවන දියණියකගේ මවක වන ඇය රංගන ශිල්පිනියගේ භූමිකාවත්, බිරිඳකගේ භූමිකාවත්, මවගේ භූමිකාවත් එකලෙස සමබරව පවත්වාගෙන යන, යුතුකම් නොපිරිහෙලා ඉටු කරන තැනැත්තියක බවයි අපට කියා සිටියේ.
ඒ වගේම කලාවට බෙහෙවින් ඇලුම් කරන ඇය කිසිදිනක රංගනය අත් නොහරින බවත්, කලාව ඇයගේ ලේ ,මස්, නහර හා බැඳී පවතින දෙයක් බවයි කියා සිටින්නේ.
ඒ වගේම ඇයගේ දෙමාපියන් දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නොමැති බවයි අපට දැනගන්න ලැබුණේ.
වර්තමානයෙ අප රටේ පවතින දේශපාලනය පිළිබඳව බොහෝ කලකිරීමට පත්ව සිටින ඇය කිසිදිනක දේශපාලනය තෝරා නොගන්නා බවයි කියා සිටියේ.
ඉතින් අප රටේ කලා ක්ෂේත්රය නගා සිටුවීමට අමිල මෙහෙයක් ඉටු කරමින් රසික ආදරය ඉතා ඉහළින් දිනා සිටින මේ අති දක්ෂ, ප්රවීණ රංගන ශිල්පිනිය නිල්මිණි කෝට්ටේගොඩ මහත්මියට ඉදිරියටත් කලාව වෙනුවෙන් කැප වීමට ශක්තිය ලැබේවා කියා අපි ප්රාර්ථනා කර සිටින්නෙමු.








