රංගනයට තවමත් නවකයෙකු වු “ඉස්කෝලේ” ටෙලිනාටයේ දිනුකිගේ චරිතය හොබවන පුංචි කෙල්ල සශ්‍රීකා සේමිනි

දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශය වන පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා නරඹන සුන්දර ටෙලි නිර්මාණයක් වශයෙන් “ඉස්කෝලේ ” කතා මාලාව හදුන්වන්න පුළුවන්.
මේ කතා මාලාවේ තේමා ගීතය පසුගිය දින වල අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණේ එම ගීතයට විවිධ නර්තනයන්හි දායක වූ අපේ රටේ දක්ෂ දූ දරුවන් නිසයි. මේ නිසා බොහෝ දෙනා මෙම කතාව නරඹන්න අමතක කරේ නැ.
ලොකු කුඩා සෑම දෙනා අතරම ජනප්‍රිය “ඉස්කෝලේ ” ටෙලි නාට්‍යය තුළ චරිත ගණනාවක් දැක ගැනීමට හැකි වන අතර එම චරිත අතර ප්‍රවීණ රංගන ශිල්පිනියන් ශිල්පීන් මෙන්ම නවකයන්ගේ දායකත්වය දැක ගැනීමට හැකි වනවා.

මේ ටෙලි නාට්‍යය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ එම කතාමාලාවේ විවිධ චරිත වූ බවට නවකයන් දෙසටයි.
අපි කතා මාලාවේ බොහෝ දෙනාගේ ආදරය සුන්දර චරිතයක් සිටිනවා. ඇය දිනුකි වේ.
ඇය තවමත් ළමා වියේ පසුවන මේ දියණියකි. නමින් සශ්‍රිකා සේමිණි වෙන මේ දැරිවිය ගායනයට වාදනයට මෙන්ම හඬ කැවීම් සඳහා සිතා දක්වන අතර අද වන විට ඇය රංගනය තුළින් ද ඇයගේ රංගන හැකියාව ප්‍රේක්ෂකයාට පෙන්වීමට සමත් වී ඇත.
ඇයව මුලින්ම මෙරට ප්‍රේක්ෂකයා හඳුනාගනු ලබන්නේ දෙරණ නාලිකාවේ 2015 වසරේ දී විකාශය වූ දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ 8 පහළ ගායනා අංශය දක්ෂම තරුව ලෙස ඇය කිරුළු පැළඳි නිසාය.

පුංචි වයසේදීම ගායන අංශයෙන් රටේම ආදරය දිනා ගැනීමට සමත් වූ මේ පුංචි දියණිය දෙරණ නාලිකාවේ විකාශය වූ මිණි පහන ඔබයි ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වූ කුල්ෆි ගේ චරිතයට හඬ කැවීම් එක් කරනු ලබනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ තවමත් ඉගෙනීම් කටයුතු කරන මේ පුංචි දියණිය ඉස්කෝලේ ටෙලි නාට්‍යයනාට්‍ය තුළ ඇයට ලැබුණු දිනුකිගේ චරිතය ඉතාමත් හොඳ රංගනයත් දක්වනු ලබනවා.
මෙම දිනුකිගේ චරිතය ඇයගේ පළමු ටෙලි නාට්‍ය රංගනය වීමද විශේෂත්වයක් වනවා. ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සමත් ගායනයෙන් හඬකැවීම් අංශයෙන් මෙන්ම රංගනයෙන් ද අද වන විට දස්කම් පෙන්වු මේ සශ්‍රිකා සේමිණි දියණියගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ.









