ගොසිප් පුවත්තරු ගොසිප්

රසට කෑම උයන්න පුරුදු වෙලා ඉන්න විනු සිරිවර්ධන කියපු කතාව

2012 වසරේ දී  මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූයේ ඒ හැඩකාර සුන්දර යුවතියක් නම නමින් විනූ සිරිවර්ධන වේ. නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ විලාසිතා තුළින් මෙන්ම කලා ලෝකේ හැඩ කරන සුන්දර රංගන ශිල්පිනියක් ලෙසද ඇයව හඳුන්වන්න පුළුවන්.

දෙරණ නාලිකාවේ විකාශය වූ පිපෙන මල් කතා මාලාව තුලින් තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ප්‍රේක්ෂකයෝ හමුවේ වඩාත් ජනප්‍රිය වන්නේ ” තරුමලී ” ටෙලි නිර්මාණය ඔස්සේ ය.

නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින මේ සුන්දරිය බොහෝ තරුණයන් අතර ඔවුන්ගේ ආදරය දිනා ගැනීමට සමත් යුවතියක් බවට පත්වුණා.

ඇයගේ සුන්දරත්වය රංගනයට ඇති දක්ෂතාවය නිසාම නව පරපුරේ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට  පත් වීමට එතරම් කාලයක් ගත වුණේ නැ.

රංගනයට අමතරව විවිධ විලාසිතා  නිරූපණ කර නිරූපිකාවක් වශයෙන් මෙන්ම නිවේදිකාවක් වශයෙන් ද ඇයව බොහෝ දෙනා හඳුනනවා .මේ වන විට විවාහක යුවතියක් වන විනු විවාහ වෙලා සිටින්නේ කථිකාචාර්යවරයෙකු වන කසුන් ලියනගේ සමග වන අතර ඔවුන් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා.

මුල් කාලයේ කාලේ  එතරම් කෑම උයන්නට දන්නෙ නැති  ඇය විවාහයෙන් පසුව තමන්ගේ සැමියාට රසවත් ආහාර ලබා දීම සඳහා අවශ්‍ය වීම නිසා කෑම උයන්නට පුරුදු වුණ බවත්,

ඇය විසින් සාදන ආහාර රසයෙන් යුක්ත බවත් මතක් කර සිටි අතර ඇය කෑම හදන්න පුරුදු වී තිබෙන්නේ විවිධ රේසිපි වර්ග අත්හදා බැලීමෙන් බවත් රසට කෑම හදලා මේ වනවිට ඇයගේ බර ටිකක් වැඩිවෙලා තියෙනවා බවත් ඇය මතක් කර සිටියා.

තමන්ගේ ආදරණීය ආදරනීය සැමියාට තමන්ගේ අතින්ම රසවත් ආහාර සකසා දීම සැබැවින්ම සතුටු කටයුත්තක් බවත් ඇය කියා සිටියා. ඇය විසින් ඒ පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයටයි.

”කසුන් මම හදන කෑමක් කන හැම වෙලාවකට ඒ කෑම ගොඩක් රසයි කියලා මාව ඉහළින්ම අගය කරනවා, ඒ වගේම යාළුවෝ, නෑදෑයන් ආවත් නිතරම කියන්නේ ශා විනුට රහට උයන්න පුළුවන් කියලා.”

ඉතින් සුන්දර වගේම ආදරණීය පවුල් ජීවිතයක් මට කරන විනූ සිරිවර්ධන සහ ඇයගේ ආදරණීය සැමියාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button