ගොසිප් පුවත්තරු ගොසිප්

නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක් වු “චලෝ” නාට්‍යයේ ආබාධිත තරුණයාට රගපාන කඩවසම් තරුණයා ධනුෂ්ක

ස්වර්ණවාහිනියේ මේ දිනවල විකාශය වන පේක්ෂකයන් වැඩි පිරිසක් නරඹන ටෙලි නිර්මාණයක් ලෙස “චලෝ” ටෙලිනාට්‍ය හඳුන්වන්න පුළුවන්.

ගම්බද  පරිසරයක් පුරා පාසල්  සිසුන් හා ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප මට්ටම කිරීම පිළිබඳ කතාවකින් ගොඩනැගුණු මෙම ” චලෝ” ටෙලිනාට්‍ය වෙනස්ම ආකාරයේ සුන්දර ටෙලි නාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙම ටෙලි නාට්‍යය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් මෙන්ම  රංගනයට පිවිසි  අලුත් මුහුණු කිහිපයක් දැක ගැනීමට වනවා..  ඒ අතර මෙම නාට්‍යය තුළ කකුලක් අහිමි තරුණයකුගේ චරිතය නිරූපණය කරන තරුණයා ට බොහෝ දෙනාගේ අවධානය මේ දිනවල යොමුවී තිබෙනවා.

එම කකුලක හිමිත් තරුණයාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ   ධනුෂ්ක පූර්ණිම ඩයස් විසිනි.   ගැමි පෙනුමක් ඇති මොහු කතාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වී තිබෙනවා.

ධනුෂ්ක පිළිබඳ කතා කිරීමේදී ඔහු වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරයකු වේ. කුඩා කාලයේ සිටි කලාවට ආදරය කරපු මොහු  නර්තනය හා රංග කලාව හදාරා තිබෙන අතර තරුණ සේවා සභාවේ ඔස්සේ රංගන කටයුතු වැඩිදුරටත් හැදෑරු මොහුගේ පළමු රංගනය වන්නේ  “කළුමාලි” නම් වේදිකා නාට්‍යයයි.

ඔහු ප්‍රථමයෙන් ටෙලි නාට්‍යයක් සඳහා තම රංගන දායකත්වය ලබා දෙන්නේ. “අහසින් වැටුනා” ටෙලි  නාට්‍යය තුළ වන අතර ඉන් පසුව දාංගලේ , චලෝ ටෙලි නාට්‍ය සඳහා ද ඔහුගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

කුඩා කාලයේ සිටම රංගනය සඳහා ඇති දැඩි කැමැත්ත නිසාම ඔහුට එම රංගන කටයුතු සඳහා ඔහුගේ පවුලෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක් බව ඔහු මතක් කර සිටියේ ඉතාමත් සතුටිනි.

වෘත්තීයෙන් රංග කලා ගුරුවරයකු වන නිසා  ඔහුගේ රංගන කටයුතුවලට ඔහුගේ එම වෘත්තිය  මහත් දායකත්වයක් වී ඇත. පුංචි තිරයේ ටෙලි නිර්මාණ කිහිපයකින් ඔහුගේ රංගනයන් මේ වන විට ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වි ඇති අතර.

දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් ඔහු ටෙලි නිර්මාණවලට දායකත්වය ලබාදෙන නිසා ඉදිරියේ දී මේ දක්ෂ රංගන ශිල්පියා අපේ රටේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙක් බවට පත් වේවා යැයි ප්‍රේක්ෂක අපි ඔහුට  ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button